
(අංජුල මහික වීරරත්න)
ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවේ පැවසීය.
තමාගේ ඉදිරි ජපාන සංචාරයේදී මේ සම්බන්ධයෙන් ජපානය සමඟ සාකච්ඡා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මහනුවර මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් අද පෙරවරුවේ බැහැදැක උන්වහන්සේලා සමඟ සාකච්ඡා පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානය ගරු කරන්නේත්, සහාය දක්වන්නේත් මහායාන බුදුදහමට නේද?
රනිල්ට බෞද්ධ ඡන්ද වැටෙන්නේ අඩුවෙන් කියලා එයා දන්නවා. මේ වගේ විජ්ජාවල් සියල්ල ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි.
අනේ මහනායක හාමුදුරුවනේ, දේශපාලකයින්ගේ බොරුවලට නම් රැවටෙන්න එපා. මට මතක් වෙනවා වොක්ස්වැගන් ගැන...
බෞද්ධ විශ්ව විද්‍යාල අපට ඇතිතරම් තියෙනවා. කර්මාන්ත, පර්යේෂණ, විද්‍යාත්මක, වගේ දේවල්වලට අවශ්‍ය එකක් පටන් ගන්න.
බුදුදහමේ දියුණුවට නම් විශ්ව විද්‍යාලවලින් නම් හානියක් මිසක් කිසිම යහපතක් වෙන්නේ නැහැ. දැන් පේන්නේ නැද්ද පාලි, බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් පිටවන කට්ටිය...? බොහෝ දෙනා කියන්නේ ශාසනය විනාශ කරනවා කියලා.