(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කෝවිල තුළ දී 20 හැවිරිදි තරුණියකට ගංජා මිශ්‍ර රොටී කෑමට ලබා දී මත්පැන් පොවා ඇය දූෂණය කළ බව කියන එම කෝවිලේ පූජකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඒ සඳහා සැකකාර පූජකවරයාට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම තරුණියකගේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කරන මුවාවෙන් ඇය දූෂණය කර ඇති බව පොලිසිය පවසයි.
දූෂණයට ලක් වූ බවට පැවසෙන තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට රෝහල් ගත කර ඇතැයිද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධ වලට ඇති නීති තවත් තද කරා .නීති ක්‍රියාත්මක කිරීම ඉක්මන් කල යුතුයි .එහම නැතුව රට ගොඩ ගන්න බෑ