
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නාරහෙන්පිට යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට පිහියක් පෙන්වා මරණ තර්ජනය කර ඔහුගේ ගිනුමෙන් රුපියල් 7,50,000 ක මුදලක් සහ පසුම්බියේ තිබූ රුපියල් 25,000ක මුදලක් පැහැරගත්තේ යැයි කියන අවුරුදු පාසල් සිසුන් දෙදෙනකු සහ 1 තරුණයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි
වෛද්‍යවරයාගේ මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීමට සම්බන්ධ වූ බව කියන තවත් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.
නාරහෙන්පිට යුද හමුදා රෝහලේ සේවය කරන එම වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට කථා කළ අයකු මොරටුව සොයිසා පුර මහල් නිවසේ හදිසි රෝගියකු සිටින බවට දැනුම්දී ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දුරකතන ඇමතුම ලැබුණු සැනින්වෛද්‍යවරයා සොයිසාපුර මහල් නිවාසයට ගොස් ඇත.
ඒ අවස්ථාවේ තරුණයන් පස්දෙනක පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර වෛද්‍යවරයා සතු මුදල් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි එම පොලිස් නිලධාරියා නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා රෝහලේ සේවය කරන දොස්තර කොහොමද ඇමතුමක් ලැබුණා කියලා පුද්ගලික සේවයට ගියේ කියලා පැහැදිලි නැහැ. ගෙදරට ගෙන්වා බැංකු ගිණුමෙන් ලක්ෂ හතහමාරක් ගත්තේ කොහොමද? බැංකුව මුදල් නිකුත්කළේ කොහොමද?