
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බම්බලපිටිය පාසලක 10වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු පන්ති ගුරුවරයකුට පහරදී ඔහුගේ බෙල්ලෙන් අල්ලා කලහකාරී ලෙස හැසුරුණේ යැයි කියමින් පැමිණිලි ලැබී ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි.
ගුරුවරයාගේ බෙල්ලෙන් තදින් අල්ලාගෙන සිටි බව කියන සිසුවා ගුරු භික්ෂුන් වහන්සේලා සහ ගුරුවරුන් කිහිප දෙනකු බලවත් පරිශ්‍රමයක් යොදා මුදා ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙහි දී පහර කෑමකට ලක් වූ බව කියන එම සිසුවාද කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
පාසලේ පන්ති කාමරයක් තුළදී මල්ලිට ගුරුවරුන් පිරිසක් පහර දෙන බව දැනගත් ඔහුගේ 22 හැවිරිදි අයියා පාසලට කඩා වැදී ගුරු භික්ෂුවකට පුටුවක් ඔසවා පහර දීමට තැත් කර ඇති බව කියමින් එම ගුරු භික්ෂුව බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
පාසලක ගුරුවරයකු පන්ති කාමරය තුළ උගන්වමින් සිටිය දි සිසුවකු කෑකෝ ගසමින් එම පන්ති කාමරය අසලින් ගමන් කරනවා දුටු ගුරුවරියක එම සිසුවා අල්ලා පහරකෑ ගුරුවරයාට භාරදී ඇතැයි කියති.
ඉස්කෝලේ උගන්වන අවස්ථාවේ එහෙ මෙහෙ යන්නේ ඇයිදැයි කියා ගුරුවරයා විමසූ අවස්ථාවේ මම කොහේ ගියත් උඹට වැඩක් නැහැනෙ යැයි කියා ගුරුවරයාට අතින් පහරක් එල්ල කර ඇති බවට පැමිණිල්ලක් ද ලැබී ඇතැයි පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාථ, අනාගත පරපුර මොන ගමනක් යන්න හදනවද?
2000 අවුරුද්දට කලින්නම් ගුරු දෙවිවරුන් හිටියා... දැන් කොහෙද එහෙම අය ඉන්නේ? ගොඩක් අය නිදහස් අධ්‍යාපනය ගැන කථා කරනවා. ලංකාවේ නිදහස් අධ්‍යාපනය තිබුණා. දැනට අවුරුදු 25කට විතර කලින්. ආනන්ද, නාලන්ද, රාජකීය සහ විශාඛා හැරෙන්නට මොන පාසලේ ඉන්න ගුරුවරු ද පාසලේදී උගන්වන්නේ? දැන් ඉන්න ගුරුවරු ළමයින්ගෙන් අහනවා ඔබ පන්තියකටවත් යන්නේ නැද්ද කියලා? අපි පාසැල් ගිය කාලේ නම් වචනයේ අර්ථයෙන්ම නිදහස් අධ්‍යාපනය සහ බුදුවරු දෙවිවරු වගේ ගුරුවරු හිටියා. මම අදටත් මහා පාරක හරි දැක්කොත් දණගහලා වැඳලා කථා කරලා තමයි යන්නේ...
අනේ කාලේ.. වනේ වාසේ... (රටකට ගිය කලක්...) (අනිච්ඡං දුක්ඛං...)
මේ ඉස්කෝලේ උගන්නලා නෑ වගේ... ගුරුවරු, ගුරුවරියෝ, හාමුදුරුවෝ, ආදි ශිෂ්‍යයෝ, ශිෂ්‍යයෝ ඔක්කොම වලි.. අපරාදෙ මහජන මුදල්...
සෑම රජයේ රෝහලකම කොර වාට්ටු ඇතිකිරීම කාලෝචිතයි...
ලොකු පාසලක් නිසාද නමක් නැත්තේ?
මේවාට සමහරක් රූපවාහිනී නාලිකාවල යන නාට්‍යයත් වගකිව යුතුයි. සමහරක් වාණිජ නාලිකා කියන්නේ ඕනෑම කුණු ගොඩක් මාකට් කරලා තමන්ගේ බඩවඩාගන්න එකයි. අද තියෙන සමහර ටෙලිනාට්‍යවල පාසල් සිසුන් මාෂල් ආර්ට් ෆිල්ම් වල වගේ මරා ගන්නවා. සමහර ඒවායේ ටියුෂන් සර්ලා පන්තියට එන පාසල් ළමුන් සමග ගිහින් මැරයින්ට ගහනවා. මේවායින් ළමයින්ට නරක ආදර්ශයක් දෙනවා කියා අදාල බලධාරීන්ට නොතේරෙනවාද?