
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දිසාපති අභියෝගතා කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට විරෝධය දක්වමින් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරු දෙදෙනෙක් විරෝධය දැක් වූහ.
මීට පෙර ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙම ක්‍රීඩාංගනයේ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟ නොපැවැත්වීය ඊට හේතුව වුයේ ඒ සැහැල්ලු පන්දු තරගාවලි තුලින් ක්‍රීඩාංගනයට හානි සිදුවන බව කියමිනි.
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 14 කණ්ඩායම් දාහතරක් අද තරග වැදීමට නියමිතය. හිටපු සභාපතිවරයා ඇතුළු කිහිප දෙනෙක් ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට පැමිණ සිය විරෝධය පළ කළහ.
මේ පිළිබඳ කළුතර දිසාපති ගිනිගේ ප්‍රසන්න කුමාර මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
මෙය කාගෙවත් පෞද්ගලික බූදලයක් නොවේ. ක්‍රීඩාවට කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කළ හොඳම ක්‍රීඩාංගනය,
කාගේවත් විරුද්ධතාවයක් අපට ප්‍රශ්නයක් නැහැ මේ රජයේ ක්‍රීඩාංගනයක්.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම කිව්වත් හැමදෙනාම දන්න කරුණක් තමයි, දේශපාලුවෝ හිතාගෙන ඉන්නේ රාජ්‍ය දේපළ කියන්නේ එයාලගේ අම්මා අප්පගේ බූදලයෙන් කොටසක් කියලා බව...
සාමාන්‍යයෙන් පිට්ටනියක් ගන්න දිනකට පනස්දහසක්වත් ගෙවන්න ඕනෑ.. ඒ ගාන ගෙවලා ඕන කෙනෙකුට ගන්න පුළුවන්. දිසාපතිටත් එහෙම කරන්න පුළුවන්...
සමහර ප්‍රාදේශීය සභා සභාපතිවරු හිතන් ඉන්නේ එයාලාට වඩා ලොක්කෝ ඒ පළාතේ නැහැ කියලයි. මෙයාලාට නැති පිළිගැනීමක් ජනතාව සහ සමහර රාජ්‍ය නිලධාරින් ලබාදීම නිසයි.. මෙයාලා මේ තරම් ඉදිමෙන්නේ... මේ විරෝධතා දක්වන හිටපු අය මිසක් ඉන්න අය නෙවෙයිනේ... ඔන්න ඔහේ වේලි වේලි ඉඳලා ගෙදර අන්තිමට ගෙදර යයිනේ... තාම හිතේ අමාරු ඇති දැන් නිකන්ම නිකන් අප්පුහාමිලා බවට පත්වෙලා නිසා... ඊළඟ ඡන්දෙදී ගෙදරම තියන්න වටිනා දෙකක් බව පෙනෙනවා...
මම දන්නා එක් නගරාධිපති කෙනෙක් හිටියා... මිනිහා එම ආයතනයේම හිටපු ආදේශක මුරකරුවෙක්... ඉතින් සේවය ස්ථීර කිරීමට බැලුවාම අධ්‍යාපන සුදුසුකම් කිසිවක් නැහැ. ඒත් හැකර කටකුයි, මැරගතියයි තිබුණොත්... එහෙම එවුන් සාදරයෙන් බඳවා ගන්නා සමහරක් පක්ෂ නායකයින් ඉන්නවා... ඉතින් මේ මනුස්සයත් රක්ෂාවෙන් අයින්වෙලා දේශපාලනේ කළා. අන්තිමේ නිල නොලත් මහේස්ත්‍රාත් තනතුරට හිමිකම් තියෙන නගරාධිපති වුණා. ඇත්තටම උගත්කම බල්ලාට දැමූ නීති වහාම වෙනස් කරන්න ඕනෑ. නුවණැත්තෝ සිටී නම් මේවා ගැන සිතත්වා... !