
එෆ් 16 ප්‍රහාරක ගුවන් යානා පියාසර කිරීම සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ යුක්රේන ගුවන් නියමුවන් පුහුණු කිරීමට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගෙන ඇති තීරණය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අගය කර තිබේ.
යුක්රේන ගුවන් නියමුවන් පුහුණු කිරීමට ජනාධිපති ජෝ බයිඩන් ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් යුක්රේන ගුවන් හමුදාවේ බලය තවත් වැඩිවනු ඇතැයි ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.ජපානයේ හිරෝෂිමා නගරයේ පැවැත්වෙන ජී7 සමුළුවේදී තමන් ජනාධිපති බයිඩන් මුණගැසී ගුවන් නියමුවන් පුහුණු කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබේ.
ජනාධිපති බයිඩන්ගේ මෙම තීරණය ඉතිහාසගත තීරණයක් බවත් මෙම තීරණය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව හිරෝෂිමාවේදී ජනාධිපති බයිඩන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd