(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් ලක්ෂ 45 කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටී ජල සම්පාදන මණ්ඩලයේ රියදුරකු අද අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම මග්ගොන ඉන්ධන පිරවුම්හල අසල රැක සිට කළුතර දෙසින් පැමිණි යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී ඇද සිටි යට ඇදුමේ සගවාගෙන සිටී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 365 ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ජාවාරම සදහා යොදාගත් යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි පුද්ගලයකු බවත් ජාතික ජලසම්පාන හා ජලාප්‍රවාහන මණ්ඩල මූලස්ථානයේ රියදුරෙක් ලෙස රාජකාරි කරන බවට ප්‍රකාශවලින් හෙලිව ඇතැයිද පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජලසම්පාදනේ රියැදුරා කුඩු එක්ක මාට්ටු