දුප්පත් ජනතාවට හැම සහනයක්ම දෙනවා අඩු ආදායම් ලබන ජනතාවගේ ජීවත් වීමේ ගැටලු සඳහා දිය හැකි හැම සහනයක් ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 23 March 2023
අන්තර්ජාලයෙන් කුඩු විකිණු ලොක්කා මාට්ටු හඳුනානොගත් පුද්ගලයකු වූ ඉන්දියාවේ සිට වට්ස්අප් තාක්ෂණය මගින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට ප්‍රධාන නියෝජිතයා මාලබේ මිහිඳු මාවතේ දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය කිය. 23 March 2023
සන්නද්ධ හමුදා කැඳවයි මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 23 March 2023
පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්න වල පිළිතුරු ඉඩම් නඩු වගේ පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් අහන ප්‍රශ්න වලට ලැබෙන පිළිතුරු ඉඩම් නඩු වගේ වී ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය. 23 March 2023
ගොවි පවුල්වලට 30000ක ආධාරයක් අන්තර්ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID මගින් මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හයක ගොවි පවුල් 48,000ක් සඳහා සහන දීමනාවක් ලබා දීමට තීරණය කර තිබේ. 23 March 2023
පේදුරුතුඩුවේ බෝට්ටු 10කට ගිනි තියලා යාපනය පේදුරුතුඩුව වෙරළේ නවතා තිබූ බෝට්ටුව 10කට කිසියම් පුද්ගලයෙකු ගිනිතබා විනාශ කොට ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි. 23 March 2023
අදත් තැනින් තැන වැසි සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරුමැද පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 March 2023
ඩී .එස් දර්ශනයෙන් සිංගප්පූරුව සංවර්ධිත රටක් වුණා ඩී.එස්.සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඈත් වුවද සිංගප්පූරුව එය ක්‍රියාවට නැංවීමෙන් සංවර්ධිත රටක් බවට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩී.එස් සේනානායක 71වන ගුණ සමරු උත්සවයේ දී පැවසීය. 22 March 2023
ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් මෙරටට ඉන්දීය උසස් ගුවන් විධාන පාඨමාලාවේ ගෲප් කපිතාන් යුනුස් සයිඩ් මුසාෆර් මහතාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සන්නද්ධ හමුදා නිලධාරීන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් උපාය මාර්ගික අධ්‍යයන චාරිකාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ මෙම මස 20 වැනිදා සිට 24 වැනිදා දක්වා විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටියි. 22 March 2023
ඡන්දෙ ගැන තීන්දුව හෙට පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවාද නැදැද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතය. 22 March 2023
බූරු මුණා මානසික වෛද්‍යවරයෙක් හමුවට ඝාතන සිද්ධීන් රැසක වෙඩික්කරුවකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රවිඳු වර්ණ රංග හෙවත් බුරු මූනා අද 22 කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ බව බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 22 March 2023
ලංකා ක්‍රිකට් ගැන සොයන්න අයි.සී.සී කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට එල්ල වී ඇති දේශපාලන බලපෑම පිළිබඳ සොයා බැලීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. 22 March 2023
ඩිලාන්ටත් ලොකු පුටුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය. 22 March 2023
වරායේ ඝාතනයකට වසර හයකට පසු වැඩ සහායක අල්ලයි මීට වසර 6කට ඉහතදී කොළඹ වරාය අධිකාරියේ සේවකයන්ගේ විවේකාගාරය තුළදී පෙට්‍රල් දමා ගිනි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ සහයක වරයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 22 March 2023
විරුද්ධ විය යුතු කොන්දේසි තිබෙියැයි සිතන්නේ නෑ මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක් තිබෙනවා යැයි තමා සිතන්නේ නැතැයි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 March 2023
හරක් කටාගේ - සලිඳුගේ ආරක්ෂාව ගැන වාර්තාවක් කැඳවයි රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් බව කියන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ’’හරක් කටා’’ සහ සලිදු මල්ශික ගුණරත්න නොහොත් ’’පානදුරේ කුඩු සලිදු’’ යන අයවලුන්ගේ ජීවිතාරක්ෂාව සැලසිය හැකි ආකාරය සම්බන්ධයෙන් වන වාර්තාවක් සතියක් ඇතුලත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට අද (22) නියෝගය කළේය. 22 March 2023
රජමැදුරේ ලේ පැල්ලම් ගැන වාර්තාවක් ඉල්ලයි අරගලය පැවති අවස්ථාවේදී අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපල විනාශ කිරීමේ සිද්ධියට අදාළව මන්දිරයේ තිබූ ලේ සාම්පල් පහක් සම්බන්ධයෙන් වන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළේය. 22 March 2023
මක්කම වන්දනාව වීසා මුදලට විකිණීමට ඉඩ නෑ මක්කම වන්දනාව සඳහා නිකුත් කරන වීසා පසුගිය වසරවල මෙන් මුලදට විකිණීමට කිසිඳු ඉඩක් නොතබන බවත් කිසිවෙක් හෝ එවැනි අසාධාරණයන්ට ලක්වූවහොත් වහාම අමාත්‍යංශය දැනුම්වත් කරන ලෙස ඉල්ලා සිටින බවත් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 22 March 2023
වෙසක් උත්සවය ඉහළින්ම සමරයි මෙවර වෙසක් උත්සවය ජාතික මෙන්ම ප්‍රාදේශීය මට්ටමින් ඉතා උත්කර්ෂවත්ව සැමරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සැලසුම් කර තිබෙන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය. 22 March 2023
ඩොලරය තවත් පහළට ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ. 22 March 2023
වතුර බටෙන් බබෙක් එයි යාපනය ශික්ෂණ රෝහලේ ඉහළ මහලයක සිට පහළට වැටි තිබු බිලිදු මළ සිරුරක් අද (22) හමුවු බව යාපනය රෝහල් පොලිසිය සදහන් කරයි. 22 March 2023
’’මැට්ටෝ කියලා දැනගත්තොත් අයි.එම්.එෆ් දෙනඑකක් නෑ’’ ’’අයි.එම්.එෆ් එක පොඩි ඉන්ජෙක්ෂන් එකක් ගැහුව කියල පිම්බෙන්න හදන්න එපා. මේ වගේ බොරුවට පිම්බෙන මැට්ටෝ ටිකක් මේ රටේ ඉන්නේ කියලා අයි.එම්.එෆ් එක දැනගත්තොත් ඉදිරියේදී සත පහක් දෙන එකක් නැහැ’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 March 2023
ශිෂ්‍යත්ව කඩඉම් පිට වේ 2022 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රථිපල මත ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කර ඇත. 22 March 2023
ඇල්ලෙවෙල ඇල්ලේ සැඟවුණ සිරුරු හමුවෙයි වැල්ලවාය, ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වී සිටි තරුණයන් සිව් දෙනාගෙන් තිදෙනකුගේ සිරුර අද (22) නාවික හමුදා කිමිදුම්කරුවන් මගින් සොයාගත් බව වැල්ලවාය පොලීසය කියයි. 22 March 2023
අයි.එම්.එෆ් පළමු වාරිකය ලැබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 330ක් ශ්‍රී ලංකාවට ලැබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 March 2023
ලංකා ගුරු සංගමය කොටුවේ විරෝධතාවක් රජයේ පාසල් ගුරුමාරු අත්හිටුවීමට එරෙහිව ලංකා ගුරු සංගමය, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (22) පැවැත්වූ විරෝධතාවට එරෙහිව තවත් පාර්ශව දෙකක් දෙපසින් විරෝධතාවක් දැක්වීය. 22 March 2023
විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන යයි මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ මහ මඟ දී දෙනෝදහක් බලා සිටියදි තියුණු ආයුදයක් රැගෙන ආ පුද්ගලයකු සහසික ලෙස විදුලි කාර්මිකයකුගේ දෑත් කපා රැගෙන යන අයුරු ඒ ආසන්නයේ ඇති ආරක්ෂක කැමරාවක සටහන්ව ඇත. 22 March 2023
ගුරු විරෝධතාකරුවන්ට මාර්ග කීපයක් තහනම් කරයි ’’ගුරු මාරු මණ්ඩලය’’ විසුරුවා හරින ලෙස ඉල්ලා ගුරු විදුහල්පතිවරු වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එක්ව සිදුකරන විරෝධතා ව්‍යාපාරයේ විරෝධතාකරුවන්ට, මුදල් අමාත්‍යංශය, ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ ගාලුමෝදර යන ස්ථානවලට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (21)නියෝගයක් නිකුත් කළේය. 22 March 2023
ශාෆ්ටර්ගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය කල් යයි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ශනය ලබන 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා අද (22) නියෝග කළේය. 22 March 2023
’’මේ නාකි මල හැත්ත ගැන නොවෙයි දරුවන් ගැන කතා කරමු’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට හැකිවීම ගැන තමා හදවතින්ම සතුටු වන බවත් මේ ඉන්න නාකි මල හැත්ත ගැන නොව රටේ දරුවන් ගැන හිතා සියලු දෙනා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දිය යුතු බවත් සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026