
(අංජුල මහික වීරරත්න,ලාල් එස් කුමාර සහ ඉන්දිකා රාමනායක )
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 4 දෙනකු කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් අතරතුර දී අද (18)රාත්‍රී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.
මෙම පිරිස කැළණිය විශ්වවිද්‍යාලය අසල සිට ප්‍රධාන මාර්ගයට පිවිසීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්ව තිබේ.
දැනට රිමාන්ඩ් භාරයේ සිටින කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනකු නිදහස් කරන්නැයි කියමින් වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද රාත්‍රියේ කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිට උද්ඝෝෂණය කර තිබේ.
උද්ඝෝෂකයන් ප්‍රධාන මාර්ගය අවහිර කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරුවත් පොලිසිය ඊට ඉඩ නොදෙමින් දැඩි රැකවල් ලා සිටින අයුරු දැකගත හැකි විය.
(ඡායාරූප ලාල්.එස්.කුමාර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි හැත්ත ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙ නැහැ
මුදලිගේ උන්නැහේ නම් දැන් සමාජ පිළිලයක්
හොඳ වැඩේ... වැද්දාව අත්අඩංගුවට ගන්න
බල්ලෝ විද්‍යාලෙට ඇවිත් විද්‍යාලේ බල්ලට ගිහින්....