
(අංජුල මහික වීරරත්න)
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ අද (18) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී ය.
සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් මීට එක්ව සිටි අතර වර්තමාන අර්ථික පසුබෑම හමුවේ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වා ගෙන යාමේ හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මුහුණ පා ඇති ගැටළු සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් තව අවුරුදු 25ක් බලන් ඉන්න වෙනවා. "රාජා හෝ මා හෝ ගංගා හෝ" ටයිප් එකේ උත්තරේට තැන්කූ ජනපතිතුමනි !
අපෙ ආචාරවරුන්ට දැන් සනිපද , කො මිඩියා ගෙවා දාපු සද්දෙ රනිල් ගාවට ගියාම නැහැ නෙ , ඔය රනිල් දීපු ටොපි එක ලස්සනට කාල ඇවිල්ල තියෙන්නෙ
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පටන් ගන්නකොටම ඒ කියන්නේ 2022 අගෝස්තුවේ දේශපාලන ව්‍යවසායකයන්ගේ පඩි වැඩි කර ගත්තා මතකද? අමෝ අමෝ හොර ගෙඩියා අපිට ඒවා අමතකයි කියලා හිතුවාද? කුජීතයි නායකයින්ගේ ආදර්ශය.
කවදාද?