(ඉන්දිකා රාමනායක)
ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල රැදී සිට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත් තැරව්කරුවන් 9 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අද (19) අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම සැකකරුවන් මෙහි සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොර පාරෙන් සකස් කරන්න පුද්ගලයින් බවද එම අමාත්‍යාංශය පවසයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබු අතර මාධ්‍ය මඟින් ද මේ බව හෙළි කර තිබුණි.
මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට ඊයේ දිනයේදී නියෝග කර ඇත
ඒ අනුව අද උදෑසන සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරහ ප්‍රධාන දොරෙන් ගියා නම් ඉවරයි නෙ. පිටි පස්සෙ LAT දොරවල් වලින් යන්නෙ නතුව.
මෙය ,ප්‍රමාණවත් නොවේ. දෙපාර්තමේන්තුවේ සිටින සැබෑ වැරදිකරුවන් හඳුනාගන්න. මෙම මිතුරන් තැරැව්කරුවන් පමණි. ඔබ මේ පිටුපස සිටින දෙපාර්තමේන්තු සේවකයින්ට දඬුවම් කළ යුතුය, එසේ නොමැතිනම් ප්‍රතිඵල නැත.
ආයතනය ඇතුලේ හොරුන්ට තමයි මුලින්ම දෙන්න ඕනේ...