(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ එතන මඩල ප්‍රදේශයේදී රාත්‍රියේ යතුරුපැදියකින් ගමන්ගත් කාන්තාවක් ගෙල බැඳ සිටිරන් මාලය කඩා ගැනීමට උත්සාහ කළේ යැයි කියන පොලිස් කොස්තාපල් රියදුරෙක් , උතුරු කළුතර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට භාරදීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ බදුරලිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකි.
පොලිස් කොස්තාපල් රියදුරා මාලය කඩා ගැනීමට පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට බාරයට ගෙන ඇත.
සැකකාර පොලිස් කොස්තාපල් රියදුරා වස්කඩුව පොලිස් වසමේ පදිංචි අයෙකි.
මෙම සැකකරුගේ පියා ද විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකි .
අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් උතුරු කළුතර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මාලය කඩන්න ගියාද, එහෙම නැතිනම් වෙනත් හේතුවකට මේ චෝදනාව නැගුවද කියලා සැකයි.
තමන්ට අයිති නැති වස්තූන් ළඟට ගිහිල්ලා අන්තිමට හිරෙත් යන්න වෙයිද දන්නේ නැහැ. පවුල් කාරයෙක් නම් දරුපවුලත් අනාථයි.