එක පන්තියේ එක ලෙසටම උන්නාට
ඇඳුමක්-පැළැඳුමක් නැති කළ මිතුරාට
පත-පොත ඇඳුම් දුන් නෙත තෙත්වී ඊට
බෝසත් සිතක් නොමවෙද මේ දරුවාට
කවිය : ආරියසේන හඳුවල
(නිමල් ජයරත්න)
ඉරුණු නිල ඇඳුමක් ඇඳගෙන ආ තෙවන වසරේ පාසල් සිසුවකුට එම පන්තියේම සිසුන් කළ උසුළු විසළු නොඉවසූ එහි තවත් සිසුවකු තවත් දරුවෙක් එම දරුවාට අලුත් ඇඳුමක් ලබාදීමට කාරුණි වූ පුවතක් වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වෙයි.
එහි තුන්වැනි වසරේම ඩබ්ලිව්.ආර්,ඒ. සනුල හන්සන් විජේසුන්දර නමැති සිසුවා මෙම සත් ක්‍රියාව සිදුකර ඇති බව ලුම්බිණි ප්‍රාථමික විදුහල්පති දෙල්විට මෙත්තාලංකාර නා හිමියෝ පැවසූහ.
සිසුවාට උසුළු විසුළු කරනු දුටු සනුල හන්සන් ඒ බව තම මව්පියන්ට පවසා ඔවුන්ගේ ද සහාය ඇතිව මෙසේ අලුත් ඇඳුමක් ලබා දීමට කටයුතු කර ඇත.
තම පන්තියේ ඉරුණු ඇඳම් ඇඳගෙන ආ මිතුරාට අනිත් සිසුන් විහිලු, තහලු, හා කෝචොක් කරන සිද්ධිය දුටු සනුල හන්සන් මව්පියන්ට පවසා තිබේ,
පසුව මවුපියන් සමඟ වැලිකන්ද නගරයට ගිය සනුල තම මිතුරාට ඇඳුම් සපත්තු ලබාදෙන බව මවුපියන්ට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මසා නිම කළ එම ඇඳුම් කට්ටලය රැගෙන, මව්පියන් සමග මොනරතැන්න ගම්මානයේ යාළුවාගේ නිවසටම ගොස් එවා ලබා ඇති බවද මෙත්තාලංකාර නාහිමියෝ සඳහන් කළහ,



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනුල දරුවා ගැන ඉතා ආඩම්බරයි. ඕක නොදැක්ක වගේ එච්චර කල් හිටපු ගුරුවරු ටික ගැන කනගාටුයි.
ඇත්තටම මට එම පුතණුවන් ගැන හරිම සතුටුයි ඒත් ඉතින් පංතියභාර ගුරුභවතා හෝ භවතිය ගැන හරියට දුකයි මට මිට්ට තට්ටේ සහ සංගමය මතක් වුනා
මේක අනිත් අයටත් ඇස් අරින්න ලොකු ආදර්ශයක්. සුභ පැතුම් සනුල
Media වල යා යුත්තෙ මෙවැනි news.
මීඩියා වල යායුතු නිවුස් මේවා තමයි.
මෙවන් හෘදයාංගම පුවත් සේ ම ආදරණීය පුතුන් පිළිබඳ කියැවීමට සහ දෑන ගන්නට ලැබීම වාසනාවකි. මෙම සද්ක්‍රියාව සිදු කිරීමට මූලික වූ ඒ දරැවා සැබෑම පුත්‍ර රත්නයකි. ඔහුටත්, ඊට උදවු උපකාර කළ දෙමාපියන්ටත්, නිසි ඇගැයීමක් කරමින් පුතු දිරි ගැන්වීමට කටයුතු කළ විදුහල්පති ස්වාමීන් වහන්සේටත් ගෞරවාචාරය වේවා!
බුදු සරණයි පුතාට....! සියළු දෙවියන් ආරක්ෂා කරත්වා!.
අනුන්ට මුහුණ දීමට සිදුව ඇති කටුක තත්ත්වය පිළිබඳව තම හදවත උනුවන,සහකම්පනයෙන් (empathy) පිරුණු සිත් ඇති වටිනා දරුවන් අනාගත ලෝකයට වැඩයෙන් අවශ්‍ය වී ඇති මොහොතක ඔබ වැනි විශ්ෂ්ඨ දරුවන් තම ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වා ඇත්තේ අපේ රටේ අනාගතය අප සිතන තරම් අදුරු නොවන බවයි. මේ පුතාගේ මේ සත් ක්‍රියාව ලොවටම ආදර්ශයක් ,මේ දරුවාගේ දෙමාපියන්ට ,ගුරුවරුන්ට මහත් ආඩම්බරයක් මේ විදුහල් මාතාව ඔබ වැනි වටිනා දරුවන් පිළිබඳ අනාගතය තුළ ආඩම්බරයෙන් කථා කිරීමට අවැසි සටහන් ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සනිටුහන් කරනු ඇත. සනුල හසන් පුතනුවණි ඔබගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ,අධ්‍යාපනයේ නිම් වලලු පුළුල් කරමින් ලක් මව බබලවන මහා උගතෙක් වෙන්නට ඉත සිතින් ප්‍රර්ථනා කරමි.ඔබට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා!!
කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ මතක් වුණා, දරුවන් දෙදෙනාම මහන්සියෙන් කැපවී ඉගෙන ගන්න, වාසනාවන්තු අනාගතයක් සිකුරුයි, මේ දරුවා මාධ්‍යයට ගෙනත් තවත් ඇගයීමට ලක්‌කර අනිත් දරුවන්ට පාඩමක් ඉගැන්විය හැකියි...
මහ පන්සල්වල එකතුවන කානිවල් 10% ලැබුණොත් රටේ පහසුකම් නැති පාසල් සිසුන්ට අවශ්‍ය දේ දිය හැකියි. එක V8 එකක් මිලියන තිහක්වත් වෙනවා.
මට මගේ පාසල් ජීවිතය මතක් වුණා. මගේ ඒ මිත්‍රයා අද ජීවිතයෙන් සමුඅරගෙන නමුත් ඒ සුන්දර මතකයන් සිතතුළ දෝරගලනවා. කෙසේ වෙතත් පුතේ නුඹට බුදු සරණයි. සැමදා යහපත් දේ ඉදිරියටම ගෙන යන්න. නුඹටත්, දෙමව්පියන්ටත් ගොඩක් පින්...
වැලිකන්ද කියන්නේ කොහොමත් දුප්පත්කම වැඩි ප්‍රෙද්ශයක්... ප්‍රධාන හේතුව වැලිකන්දේ ඉන්න නිලධාරීන් අල්ලසට, දූෂණයට ලක්වීමයි. යුද්ධය නිසා අඩු ඉගෙනීමක් තියෙන්නේ. ඒ නිසා වැලිකන්දේ මිනිස්සු කිසිම දෙයක්.. ප්‍රශ්න කරන්නේ නැහැනේ. හරි අසරණයි. හොරා කන්න ඇති නිලධාරීන් හම්බ වුණු දවසට වැලිකන්ද දියුණු වෙනවා... බලාගෙන ඉද්දි. යුද්ධයෙන් බැට කාපු මිනිස්සු දැන් ආර්ථික ප්‍රශ්නවලින් බැට කනවා.
මනුස්සයින් සහ අමනුස්සයන් අතර වෙනසක් දුටුවෙමි...!
හොඳ දරුවෙක් බිහිකරපු දෙමාපියන්ට සදා ණයගැතියි.