( පුෂ්පකුමාර ජයරත්න සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කාත්තන්කුඩි සිට රෝගියකු බැලීම සඳහා තනියම කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණි 14 හැවිරිදි පිරිමි දරුවකුට ෆිනෑන්ස් සමාගමක කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනකු බරපතල ලිංගික අතවරයකට පත් කර ඇතැයි පොලිසිය කියයි.
කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දරුවා තම සොයුරියගේ රෝගී සැමියා බැලීම සඳහා තනියම පෙරේදා කුරුණෑගලට පැමිණ ඇත.
එදින පස්වරුවේ රෝගියා බැලීමෙන් අනතුරුව ඔහු කුරුණෑගල සිට ආපසු නිවසට යාම සඳහා දුර ගමන් සේවා බසයකට නැඟ ඇත. සිංහල භාෂාව නොදත් ඔහු මඩකලපුව දෙසට යන බසයකට යැයි සිතා නැඟ ඇත්තේ වාරියපොළ හරහා අනුරාධපුරට යන බසයකටය. මඟ දුරක් ගොස් ටිකට් ගැනීමට යාමේදි මේ බව දැනගත් එම බසයේ කොන්දොස්තරවරයා ඔහු යන්තම්පලාව නගරයෙන් බස්සවා ආපසු කුරුණෑගලට යන ලෙසට උපදෙස්දී ඇත.
සිංහල භාෂාව වචනයක් හෝ කතා කිරීමටවත් තේරුම් ගැනීමටවත් නොදත් ඔහු කුරුණෑගල නගරයට ආපසු යන ආකාරය අසා දැන ගැනීම සඳහා යන්තම්පලාව නගරයේ තිබෙන ෆිනෑන්ස් කොම්පැණියක් වෙත පස්වරු 6.00 ට පමණ ගොස් තිබේ.
එම අවස්ථාවේදී එහි සේවයේ යෙදී සිටි තරුණයන් තිදෙනකු ඔහුට විස්තර ලබා දෙන මුවාවෙන් ආයතනය ඇතුළට රැගෙන ගොස් ඔහු පැයකට ආසන්න කාලයක් බලහත්කාරයෙන් බරපතළ ලිංගික අතවරයකට ලක් කර තිබෙන බව මේවනවිට සිදු කෙරෙමින් පවතින පොලිස් පරීක්ෂක වලින් අනාවරණය වී තිබේ.
පසුව ඉතා අසීරුවෙන් එම ස්ථානයෙන් පැනගෙන ඇති ඔහු යන්තම්පලාව නගරයේ එම අවස්ථාවේදී රැඳී සිටි මුස්ලිම් තරුණයන් පිරිසකට හමුවී ඇති අතර ඔවුන් ඒ බව තමන් දන්නා යන්තම්පලාව සිංහල වෙළඳ සංගමයේ සාමාජිකයන් පිරිසකට දැනුම්දී ඇත. වෙළඳ සංගමයේ සාමාජිකයන් වහාම ක්‍රියාත්මකවී මෙම සිද්ධිය කුරුණෑගල මූලස්ථාන පොලීසියට දැනුම්දී ඇත.
පොලීසිය සිද්ධිය වූ ස්ථානයට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් අතවර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා ඒවනවිටත් එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර ආයතනයේ දොරවල් කඩා පරීක්ෂා කිරීමටද පොලීසිය පියවර ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද මේ අපරාධ රටේ වැඩි වන්නේ ඒවාට නිසි දඬුවම් නොලැබීමෙන්, මිනිසුන් අපරාධ කිරීමට බිය නොවීමයි. මෙයට වග කිව යුත්තේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවයි.
ඒ රක්ෂණ සමාගමේ නමත් එළි කරන්න මොකද මම දැක්කා මේ ලගදී ජනප්‍රිය පාසලක විදුහල්පති කෙනෙක් මොනවාද හොර ලියකියවිලි හැදුවා කියලා ඉස්කෝලේ නමම ලොකුවට දැම්මානේ? ඉතිං මේකේ නමත් දාන්න.
මේ විශම කාමතුරයන්ට නම් නීතියෙන් දඬුවම් ලැබිය යුතුමයි. දරුවෙක් අසරණ වෙලා ඉද්දි මොවුන් කළ දේ මනුස්ස සංහතියටම අවමානයක් .
මෙම ෆිනෑන්ස් සමාගමේ වැඩකරනා සියලුදෙනාම සමලින්ගිකයෝද ?දරුවන්ට මෙවැනි දේවල් කරන මිනිස්සුන්ගේ අරක කපලා දමන්න ඕනේ
දැන් ෆිනෑන්ස් සමාගම් මේවත් කරනවද?ෆිනෑන්ස් කාරයින්ගෙන් ළමා පරපුර රැකගන්න .මේ තමයි ළමා අපචාර වලට එක්වුණු අලුත්ම සෙට් එක
ආයෙත් ලිංගික කටයුතුවල නියැලෙන්න බැරි විදියට මුන්ට දඩුවම් දෙන්ට ඔනෙ. එතකොට තමයි මෙවැනි දේවල් නතර කරන්ට පුලුවන් වෙන්නෙ. නැතිනම් මෙවගෙ එවුන් කාගෙ කාගෙ හරි සේවා දායකයො වෙලා පොඩි කාලයක් හිරගෙදර ඉදල ඇවිත් ආයෙත් අර පරන පුරුදු වැඩ ටිකම කරගෙන ඉන්ඩවෙයි.