ගම්පහ ලක්ෂ හයකට බොන්න වතුර ගම්පහ ග්‍රාමසේවා වසම් 440 ක ලක්ෂ හයක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලන කරස්නාගල, බස්නාගොඩ ජල ව්‍යාපෘතියේ නව ජල සබඳතා ලබන 25 වැනි දා ලබාදෙන බව නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 22 March 2023
විපක්ෂය අවශ්‍ය අවස්ථා වල සහය දුන්නා විපක්ෂය සෑම විටම අවශ්‍ය අවස්ථාවලදී ආණ්ඩුවට සහය දක්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 March 2023
මූල්‍ය අරමුදලට යාම ගැන සතුටුයි මූල්‍ය අරමුදලට යාම ගැන සතුටු වන අතර එය අගය නොකිරීමට කුහක වන්නේ නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 March 2023
උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් ගලපනවා උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 March 2023
මුල්‍ය අරමුදල් වාර්තාව සභාගත කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එළඹී එකගතා පිළිබඳ ලේඛනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාගත කළේය. 22 March 2023
‘කිසිවෙකු බාර නොගත් අභියෝගය බාර ගත්තා‘ දේශපාලන මති මතාන්තර පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා අයිඑම්එෆ් එකඟතාවය ක්‍රියාත්මක කිරීමට දැන්වත් සහාය ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය. 22 March 2023
පළාත් කීපයකට සවස් කාලයේ වැසි සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (22) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 March 2023
පොලිසියේ 260ක පොලිසිය එපා වෙලා පොලිසියේ රාජකාරි කරමින් 260 දෙනකු මේ වසරේ මේ දක්වා නොදන්වා පොලිස් සේවය අතහැර ගොස් ඇත ඇතැයි පොලිස් මුලස්ථාන මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 22 March 2023
පාසල් සිසුවිය දපනේ දා ගෙන කුඩු පොවලා කොළඹ ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යමින් ඇය අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා දූෂණය කළ බව පැවසෙන 23 හැවිරිදි තරුණයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පිහිටි පොලිස් ස්ථානයක විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින්සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 22 March 2023
සෙරප්පුව අස්සේ සුරුට්ටු හැත්තෑවක් සෙරප්පු අඩියේ සඟවා දුම්කොළ සුරුට්ටු 70 ක් සඟවා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට උත්සාහ කළ රැදවියකු විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 22 March 2023
‘‘නමට බෝඩ් එපා‘‘- මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ’’සිරකරුවෝද මනුශ්‍යයෝය’’ යනුවෙන් නමට පමණක් බෝඩ් ගසාගෙන සිටියාට වැඩක් නැහැ. හරක් රෑනක් වගේ රංචු පිටින් සැකකරුවෝ එකම දම් වැලක ගැටගසා මින්පසු අධිකරණයට ඉදිරිපත් කරන්න එපා’’ යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් විවෘත අධිකරණයේදී ඊයෙ (21) ප්‍රකාශ කළේය. 22 March 2023
ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹේ රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹී ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට හොඳින් දැණුනි. 22 March 2023
නුගේගොඩ මහේස්ත්‍රාත් බූරු මුණා පරීක්ෂා කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයකට රැඳවුම් නියෝග ලබා ගත් කලුමිනී රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැති සැකකරු නුගේගොඩ අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ජයසිංහ මහත්මිය පරික්ෂා කර නිරීක්ෂණ සටහන් කර ගත්තාය. 21 March 2023
පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීම බළල් අත් සෙල්ලමක්ද? ස්වාධීන තීරණ දෙන විනිසුරුවන් බිය ගන්වන්නට පාර්ලිමේන්තුව ආයුධයක් කර ගැනීම බළල් අත් සෙල්ලමක් දැයි සමගි ජන බලවේගයේ පත් පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 March 2023
පාතාල පාට් විදුහලටත් ගෙන ගිහින් නවගත්තේගම ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි වසරේ සිසුන් දෙදෙනකු එම වසරේම සිසුවකුට යකඩ බටයකින් උදර ප්‍රදේශයට ඇන තුවාල සිදු කර ඇතැයි නවගත්තේගම පොලිසිය කියයි. 21 March 2023
මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් අමාත්‍යාංශයට එති ශ්‍රී ලංකා රජය රටේ පවතින ආර්ථික පසුබිම නිසි ලෙස තක්සේරු කරගෙන සිටීම පිළිබඳව ප්‍රශංසාව පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පැවැසූහ. 21 March 2023
ලක් කොල්ලාගේ මූර්තිය චීනය වශී කරයි ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මූර්ති කලා නිර්මාණ ශිල්පියකුගේ කලා නිර්මාණ දෙකක් චීනයේ චෙංග්ඩු නගරය අලංකාර කිරීම සඳහා තෝරා ගෙන තිබේ. 21 March 2023
සීසන් එක පෙන්නුවාම කොන්දොස්තර සිසුවාගේ කන පලලා මාසික වාර ප්‍රවේශ පත්‍රය ඇතැතිව ලංගම බසයට ගොඩ වූ පාසල් සිසුවකුට එම බස් රථයේ කොන්දොස්තරවරයා කන ප්‍රදේශයට පහරදීම නිසා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 21 March 2023
පල්ලෙකැලේ හිරෙන් සිරකරුවෙක් පැනගිහින් හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු අද (21) පෙරවරුවේ පලා ගොස් ඇති බව පල්ලෙකැලේ පොලීසිය කියයි . 21 March 2023
පාපන්දු ක්‍රීඩා කළ සිසුවා ඇදවැටී මරුට පානදුර, පින්වත්ත ප්‍රෙද්ශයේ ජාත්‍යන්තර පාසලක පාපන්දු ක්‍රීඩාවේ යෙදීසිටී සිසුවෙකු හදිසියේ ඇදවැටී මියගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි. 21 March 2023
වරප්‍රසාද යෝජනාව ඡන්ද 32 කින් සම්මතයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීම සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනා සම්මතය වැඩි ඡන්ද 32කින් පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ සම්මත විය. 21 March 2023
ඔට්ටු - සූදු බදු පනතට කැබිනට අනුමැතිය සංශෝධිත ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 21 March 2023
‘පරාටේ’ නීතිය අහෝසි කරනු දේපළ බලහත්කාරයෙන් වෙන්දේසි කරන ‘පරාටේ’ නීතිය අහෝසි කිරීම, බැංකු පොලී පහත දැමීම සහ ණය ලීසිං සඳහා සහන දීම යන ඉල්ලීම් වාහාම කටයුතු කරන ලෙස බලකරමින් ව්‍යවසායක අරගල මධ්‍යස්ථානය, මහ බැංකුව ඉදිරිපිට අද (21) උද්ඝෝෂණයක් පැවැත්වීය. 21 March 2023
මුදල් ලේකම්ට එරෙහිව විජිතගෙන් පෙත්සමක් පළාත් පාලන මැතිවරණය සඳහා 2023 අයවැයෙන් මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අවනත නොවීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි විභාගයක් පවත්වා ඔහුට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත. 21 March 2023
අයි.එම්.එෆ් ගිවිසුම හංගන්නේ නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම පිළිබඳ කිසිදු කරුණක් ජනතාවට වසන් කිරීමේ උවමනාවක් රජයට නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 March 2023
විදේශ රැකියා ආයතනයක් අරඹන්න ඇපකරය වැඩි වෙයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත යොමු කරන බැංකු ඇපකරය රුපියල් 750,000 සිට ලක්ෂ 30 ක් දක්වා ඉහළ නැංවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 21 March 2023
ණය ගැනීම ලැජ්ජාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන ඇත්තටම ආඩම්බර වීමක් නොව ලැජ්ජාවට පත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2023
වැටුප් ප්රශ්නය විසඳන්න නීතිපතිට පවරයි පලාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් තුන්දහසට යළි වැටුප් ලබාදීමේ හැකියාව ගැන නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 21) පැවසීය. 21 March 2023
’’රට වැටුනු පසු බාර ගන්න ඇඳුනුත් මහලා’’ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි නායකත්වය බාර ගැනීම සඳහා ඇඳුම් මැසූ විපක්ෂයේ නායකයන්ගේ නම් හෙළි නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 March 2023
ඩොලර් ලැබුණු ගමන් ආනයන සීමා ඉවතට ඉදිරියේදී මෙරට විදේශ විනිමය තත්ත්වය දියුණු වීමත් සමඟ අත්‍යාවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක කේෂ්ත්‍රයට අවශ්‍ය භාණ්ඩවල ආනයන සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 21 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026