(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පිළියන්දල නගරයේ ප්‍රසිද්ධ විද්‍යාලයක් ආසන්නයේදී පාසල් වෑන් රථයක සිටි වයස අවුරුදු හයයි මාස නවයක දැරියකට ලිංගික අතවර කළ බව කියන පාසල් වෑන් රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
දැරියට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වූ දැරිය ගමන් ගන්නා වෑන් රථයේ රියදුරුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය රෝහල් ගත කර ඇත.
පාසල් වෑන් රථයෙන් පිලියන්දල පාසල කරා පැමිණෙන අතර අද දහවල් පාසල නිමවීමෙන් අනතුරුව රියදුරා දැරිය වෑන් රථය තුළට ගොඩකර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුරුව අනික් දැරියන් රැගෙන ඒම සඳහා පාසලේ ගේට්ටුව අසලට යාමේදී වෙනත් පාසල් වෑන් රථ රියදුරකු වෑන් රථය කරා පැමිණ දැරියගේ ශරීරය අතපතගාමින් දැරියට ලිංගික අතවර කර ඇති බව පොලිසිය කියයි.
ලිංගික අතවර කිරීමට පෙර දැරිය ගේ මූණට යමක් ඉසිමෙන් අනතුරුව දැරියට නින්ද ගිය බවට පැමිණිල්ලෙන් පැවසුව ද විමර්ශනවලදී ඒ බව තහවුරු වී නැති බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරියකු පැවැසීය.
අතවරයට පත් දැරිය ගමන් ගන්නා වෑන් රථයේ පාලිකාවක් නොමැති බවට විමර්ශනවලදී අනාවරණය වීමෙන් අනතුරුව එහි ගමන් ගන්නා දරුවන්ට නිසි ආරක්ෂාවක් සැපයීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් දැරිය ගමන් ගන්නා වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මෙවැනි ළමා අපචාරවලට දඬුවම් දෙන්න නීතිය පුදුම මැලිකමක් දක්වන්නේ... කරුම රටක්...
ළමයි ට අපල කාලයක්. දෙමව්පියෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ඔය වගේ එවුන්ව සමාජෙ යහපත තකා සමාජෙන් තුරන් කරලාම දාන්න ඕනෙ
හමදාම නිවුස් යන්නෙ කැත වැඩ ගන විතරයි . ලස්සන වැඩ ගන කිසිවෙක් කතා කරන්නෙ නැහැ.අපි තමා හොදටම කරේ
බස් රථයකට කොන්දොස්තර වරයෙකු ඉන්නවා වගේම පාසල් වෑන් රථයටත් කාන්තා සහයකවරියක් සිටීම අනිවාර්ය කල යුතුයි .කාන්තා සහයකවරියක් නැති වෑන් රථවලට පාසල් ළමුන් රැගෙන යාමට බලපත් නිකුත් නොකළ යුතුයි