IMG-LOGO

ධනුෂ්ක චෝදනා තුනකින් නිදහස්

(විමුක්ති එස් රුද්‍රිගු)

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා 4 න් 3 ක් ඉවත් කර ගන්නා බව රජයේ නීතිඥවරයා ඩව්නිං සෙන්ටර් අධිකරණයට අද(18) දැනුම් දී ඇත.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති චෝදනා හතරෙන් එක් චෝදනාවක් ඉදිරියට ගෙන යන බවත් ඉතිරි චෝදනා තුන ඉල්ලා අස්කර ගන්නා බවත් රජයේ නීතිඥ හියු බඩින් ඩව්නිං සෙන්ටර් මහේස්ත්‍රාත්වරියට නිල වශයෙන් අද (18) නඩුව කැඳවූ අවස්ථාවේදී දැනුම් දී තිබේ.

එය පිළිගත් මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය එම චෝදනා තුන ඉවත් කිරීමට නියෝග කර ඇත.

ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට එරෙහිව රජයේ නීතිඥවරයා ඉදිරියට ගෙන යාමට තීරණය කර ඇති චෝදනාව වන්නේ කාන්තාවගේ කැමැත්තකින් තොරව ලිංගිකව හැසිරීමේ චෝදනාව බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත. නඩුව නැවත වරක් ජූලි 13 වැනිදා කැඳවීමට නියමිතව ඇත.

 



අදහස් (2)

ධනුෂ්ක චෝදනා තුනකින් නිදහස්

Nimal Thursday, 18 May 2023 01:47 PM

සැරට ඉන්නවා නේ

:       3       1

kapila Thursday, 18 May 2023 04:31 PM

ඔස්ට්‍රලියාවේ හිර ගෙදරත් ලංකාවට වඩා සැපයි වගේනේ.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site