(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )
ප්‍රවීණ සහ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අද (18) උදෑසන අභාවප්‍රාප්තවිය.
මිය යනවිට පීරිස් මහතා 87 වැනි වියේ පසුවූ ඒ මහතා පස්දරු පියෙකි .
" හා මල් පිපෙන්නේ, පෙම් ලෝකෙ පුරා, රෝස මලක් දුටුවාම, ඇළ දොළ ගංගා යාවි ගලා, රුවන් තොරණ් තනා, වතුර නාලා, මුස්තාපා මම මුස්තාපා"ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත අතරින් කිහිපයකි.
1959 වසරේදී හා මල් පිපෙන්නේ ගග ගලන්නේ ‘ ගීතය ගායනා කිරීමෙන් හෙතම ගීත ලොවට පිවිසියේය.දශක 7 කට ආසන්න කාලයක් ගීත ලොවේ සැරි සැරූ මෙම ගායකයා ගීත 500 කට අධික ගණනාවක් ගායනා කර තිබේ.
ඔහු ගුවන් විදුලියේ ‘ඒ‘ ශ්‍රේණීයේ ගායකයෙකි.
ක්‍රිස්ටෝපර් පෝල් මහතා 60,70 දශක වල ජනප්‍රියම ගීත තරුව ලෙස හැඳින්විණ. ඒ සමගේ ප්‍රසංග වේදිකාවකට ඔහු නැතුවම බැරි ගායකයෙක් විය. පීරිස් මහතා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හොඳම ගායක තරැ සදහටම වෙන්වීම හරිම කණගාටු දායකයි.ඒ මහතාට නිවන් සුව අත්වේවා!
හරිම දුකයි මෙතුමාගෙ වියෝව ගැන. ඒ වගේම ඊයෙ ග්‍රේෂන් ආනන්ද මහතා. ඔබ දෙපලටම මොක් සුව !
ලයාන්විත, මිහිරි ගීතයෙන් අපගේ හදවත් සැනසූ, ආදරණීය ගායකයානෙනි ඔබට මොක්සුව ලැබේවා !
අපේ ප්‍රවින ගායක තරැ සදහටම වෙන්වීම ගැන හරිම කණගාටුයි.එතුමාට නිවන් සුව අත්වේවා!