IMG-LOGO

දින 20ට කෝවිඩ් මරණ 16ක් වාර්තා වේ

රංජන් කස්තුරි

කොවිඩ් වසංගතය යළිත් හිස ඔසවමින් ඇති අතර, ඉකුත් දින 20ක පමණ කාලය තුළ කොවිඩ් රෝගීන් 16 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අප්‍රේල් මස 27 වැනි දින කොවිඩ් මරණයක්, එම මස 23 වැනි දින මරණයක්, මැයි මස 01 වැනි දින එක් මරණයක් සහ මැයි මස 5 වැනි දින තවත් කොවිඩ් මරණ තුනක් ආදී වශයෙන් වාර්තා වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ අතර ඉකුත් 8 වැනි දින සහ 9 වැනි දින මරණ එක බැගින් ද, ඉකුත් 11 වැනි දින තවත් මරණ දෙකක් ද වාර්තා වූ අතර, 12 වැනි දින මරණ දෙකක් සහ 14 වැනි දින තවත් මරණයක් ආදී වශයෙන් වාර්තා වූ බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ අතර මේ වසරේ ගෙවී ගිය කාලය තුළ මෙරටින් කොවිඩ් රෝගීන් 672,304 දෙනකු හමුවූ බව ද වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වාර්තා සඳහන් කරයි.

මේ අතර, ඉකුත් සතියේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු උණ රෝගීන් 2055 දෙනකු වාර්තා වූ අතර, එය ඊට පෙර සතියට සාපේක්ෂව සියයට 5ක පමණ ඉහළ යාමකැයි ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පවසයි.

එම ඩෙංගු රෝගීන්ගෙන් සියයට 50කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව ද ඩෙංගු මර්දන වැඩසටහනේ දත්ත වාර්තාවල සඳහන් වේ.

දිවයින පුරා රෝහල් රැසක වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇතැයි ඩෙංගු මර්දන වැඩසටහන කියයි.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, කළුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු උණ රෝගය තදින් පැතිර යන බව ද එම වාර්තාවල සඳහන් වේ.



අදහස් (2)

දින 20ට කෝවිඩ් මරණ 16ක් වාර්තා වේ

කිරිපුතා Thursday, 18 May 2023 09:24 AM

මේවා වාර්තා කර කර ඉඳලා හරියන්නේ නෑ. අදාල බලධාරීන් වැලැක්වීම ට අවශ්‍ය පියවර ගත යුතුයි. මාධ්‍ය සාකච්ඡා තිබ්බට ප්‍රශ්න වලට විසඳුම් එන්නෙ නෑනෙ.

:       0       0

Chandi Raja Thursday, 18 May 2023 05:42 PM

කමිටුවක් පත් කරන්න වහාම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site