IMG-LOGO

පදවි වැවෙන් හොරෙන් ජලය ගත්ත තිදෙනා රිමාන්ඩ්

(උපාලි ආනන්ද, හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)

පදවිය වැවෙි වාන් දොරටුවට අධිබලැති ජැක් ගසා හොරෙන් ජලය ලබා ගත් බව කියන ව්‍යාපාරිකයා ඇතුළු සියලු සැකකරුවන් මේ මස 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා  නියෝග කළේය.

මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටී සැකකරුවන් අධිකරණය ලබාදී තිබු නියෝගයකට අනුව පදවිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයකු  ඩබ්ලිව්. ඒ. මයුර ප්‍රදීප් මධුසංඛ, .ඩබ්ලිව්. ඩී. උපාලි කුමාරතුංග සහ  එන්. ඩී. ටී. කමල් ප්‍රියශාන්ත යන සැකකරුවන්ය.

මෙහිදී පදවිය පොලීසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපොළ පනත යටතේ බව අධිකරණයට ප්‍රකාශ කළ පොලීසිය පෙර ලබාදී ඇති ඇප අවලංගු කර සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙසද ඉල්ලා සිටියේය.

 



අදහස් (2)

පදවි වැවෙන් හොරෙන් ජලය ගත්ත තිදෙනා රිමාන්ඩ්

ඩී. උපාලි කුමාරතුංග Thursday, 18 May 2023 08:53 AM

අපි ජැක් ගැහුවේ නැහැ

:       0       1

Bunny Preena Thursday, 18 May 2023 09:14 AM

විමර්ශනය ගැනත් විමර්ශනයක් කරන්න වෙයි තවත් කණ්ඩායමකට

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site