ටෙලිකොම්-ලංකා හොස්පිට්ල් විකුණන්න අවසර ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 20 March 2023
18 වංගුව රාත්‍රීයට වසයි මහනුවර - මහියංගනය මාර්ගයේ 18 වංගුව ආශ්රිත මාර්ග කොටස රාත්‍රී කාලයේ පමණක් නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 20 March 2023
පුෂ්පිකාට අධිකරණයෙන් එන්නම කියයි ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (20) අවසන් වරට නියෝගයක් නිකුත් කළේය. 20 March 2023
අයි.එම්.එෆ් එඟතාවයෙන් පසු ඩොලරය 185 වෙිවි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු ඩොලරයට සාපේක්ෂව රුපියල දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 20 March 2023
’’දුමින්දගේ නිදහස අභියෝගයට ලක් කරන්න බෑ’’ පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දීම එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නියෝගයක් බැවින් ඊට එරෙහිව අධිකරණය හමුවේ අභියෝග කළ නොහැකි බව දුමින්ද සිල්වා මහතාට සමාව ලබාදීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර සිල්වා මහත 20 March 2023
වරෙන්තු 15 කසිප්පු බෝතල් 35ක් සමග අල්ලයි අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තු 15 ක්, පෙර වැරදි 16 ක් ඇති පුද්ගලයකු කසිප්පු බෝතල් 35ක් සමග නාරගල දී අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි. 20 March 2023
පැමිණිල්ල විභාගයට ගිය කොස්තාපල්ට පොරෝ පහරක් මඩකලපුව කලවංචිකුඩි ආරියම්පති ප්‍රදේශයේ පවුල් ආරවුලක පැමිණිල්ලක් විභාග කිරීමට ගිය කලවංචිකුඩි පොලිසියේ කොස්තාපල්වරයකුට පොරෝතලයකින් පහර දී තුවාල සිදු කළ හිටපු එල් ටී ටී ඊ සමාජිකයකු අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 March 2023
ජනපති හිටගෙන ඉන්නෙ ලංකාවත් එක්කයි ජාත්‍යන්තරය කුමක් කීවත් කුමක් සිදුකළත් ශ්‍රී ලාංකික මහජනතාව ශ්‍රී ලංකාවත් සමඟ සිටගත යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 20 March 2023
වරිග සභා යුගය අවසන් පවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය මේ වන විට අවසන් වී ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 20 March 2023
දිවුලපිටියේ පන්දම් විරෝධයට මැර ප්‍රහාරයක් වැඩිවූ විදුලි බිලට එරෙහි ව විරෝධතාවයක මැර ප්‍රහාරයක් එල්ල වූ බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් ධම්මික සංජීව මහතා පවසයි. 20 March 2023
මැතිවරණයට මුදල් නොදුන්නොත් විපක්ෂයේ පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට පළාත් පාලන මැතිවරණයට වෙන් කර ඇති මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට මුදල් අමාත්‍යාංශ හා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා දින 7ක් තුළ කටයුතු නොකළොත් විපක්ෂයේ සියලු පක්ෂ ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 20 March 2023
බදින තුවක්කුවට ගොදුරු වී කොස්තාපල් තුවාල ලබයි රිදීමාලියද්ද දෙහිගම පුදියංගලයාය ප්‍රදේශයේ ගංජා වැටලීමකට ගොස් සිටි රිදීමාලියැද්ද පොලිසියේ කොස්තාපල්වරයකු බඳින තුවක්කුවකට ගොදුරු වීමේන් තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි 20 March 2023
පවුල් ලක්ෂ 41කට ගන්න පඩියෙන් කන්න බෑ ප්‍රමාණවත් පරිදි ආහාර නිවස තුළ නොමැති වීම සහ ආහාර මිලදී ගැනීමට මුදල් නොමැති වීම නිසා ජනවාරි මස අවසන් වන විටත් ශ්‍රී ලාංකික පවුල් සියයට 82 ක් ජීවිකාව පවත්වා ගැනීම සඳහා තම වෘත්තියට අමතරව වෙනත් ක්‍රියා මාර්ග අනුගමනය කර ඇති බව ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාව පෙන්වා දී ඇත. 20 March 2023
පුංචි ඡන්දෙට නම් දුන් රාජ්‍ය සේවකයන්ට සහනයක් ඉල්ලයි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ලෙස ඉදිරිපත්වූ රාජ්‍ය සේවයේ තුන් දහසකට වැඩි පිරිසට සාධාරණ විසඳුමක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කිරීමට මැදිහත් වන්නැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ ගාමිණී වලේබොඩ යන මහත්වරු ඒකාබද්ධ ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගෙන් ඉල්ලා සිටිති. 20 March 2023
ගාල්ල රැදවියෝ ඉතිහාසය අලුත් කරයි ගාල්ල බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවට රැඳවියන් පිරිසක් බාල දක්ෂයින් ලෙස පුහුණුකර ඔවුනට පදක්කම් සහ කරපටි පැළඳවිම බන්ධනාගාර අධිකාරි එස්.ආර්.ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර පරිශ්‍රයේදි සිදු කළේය. 20 March 2023
බලය විමධ්‍යගත කිරීමේ ආයතන ජනපතිගේ පාලනයට නතුවෙලා ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකම අද සිට වක්‍රාකාරයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට නතුවන බවත් මෙම තත්වය ප්රජාතන්ත්රවාදය අගය කරන කිසිවෙකුට එකඟවිය නොහැකි තත්වයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (20) පැවසීය. 20 March 2023
ගමනේ අපහසුව පාඨලී දකියි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව ක්‍රියා කිරීමේදී ශ්‍රී ලංකාවට බරපතලම ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවීම රටක් වශයෙන් මහගිරිදඹ තරණය කිරීමට සූදානම් වීමක් බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 March 2023
පොලු පහරින් කාන්තාවක් මරුට වොලිබෝල් පිටියක් සම්බන්ධව ආරවුලක් දුර දිග යාමෙන් අද 20) ඇතිවු ගැටුමකින් පසු පුද්ගලයකු කාන්තාවකට එල්ල කළ පොලු පහරකින් එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව මාදම්පේ පොලිසිය කියයි. 20 March 2023
අපේ රෝහල රැක දෙන්න මාතලේ , ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය රෝහල රැක දෙන්නයි ඉල්ලා අද (20) රෝහල ඉදිරිපිටට රැස්වූ ගම්වාසීහු උත්ඝෝෂණයක නිතරවූහ. 20 March 2023
නාගරික සංවර්ධන අලුත් රෙගුලාසි ගැන නිලධාරීන්ට උගන්වයි නාගරික සංවර්ධන අධිකාරියේ නව සංවර්ධන සැලසුම් හා රෙගුලාසි පිළිබදව පළාත් පාලන ආයතන වල නිලධාරීන් දැනුවත් කිරීම ඇරැඹූ බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය පවසයි. 20 March 2023
දැඩි කොන්දේසි මත ඉන්දීය ධීවරයින් 12 ට නිදහස යාපනය පේදුරුතුඩුව කොලොම්බුතුරෙයි මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කිරීමට පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් පොන්නතුරෙයි ක්‍රිෂාන්තන් මහතා නියෝග කළේය. 20 March 2023
දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 20 March 2023
මෙහෙකාරිය ස්වාමියාගේ බැංකු කාඩ් පතෙන් ලක්ෂ 50ක් ඇදලා අසනීපව රෝහල් ගතවූ විශ්‍රාමික බැංකු නිලධාරියාගේ ඒ ටි එම් කාඩ්පතින් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් වරින් වර හොර රහසේ ලබාගත් මෙහෙකාරිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 20 March 2023
නවසීලන්තයට ඉනිමක ජයක් ශ්‍රී ලංකාවට එරෙහිව වෙලින්ටන්හිදී පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත පිල ඉනිමක සහ ලකුණු 58 ක පහසු ජයක් ලැබීමට අද (20) පෙරවරුවේ සමත් විය. 20 March 2023
18 වංගුව යළි විවෘත කරයි මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාව සහිත කාල ගුණ තත්වය හේතුවෙන් නාය යාමට ලක්වූ මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ කොටස වාහන ගමනාගමනය වෙනුවෙන් අද (20) පෙරවරුවේ යළි විවෘත කළේය. 20 March 2023
ලක්ෂ නවයක සපත්තු උස්සලා සපත්තු නිශ්පාදන කර්මාන්ත ශාලාවකින් රුපියල් නව ලක්ෂ පනස් හතර දහස් හත්සිය පනහක් වටිනා කාන්තා සපත්තු ජෝඩු 355ක් සොරකම් කළ පුද්ගලයෙකු සපත්තු සමග මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 20 March 2023
දෙපිරිසක් ගැටී පහක් රෝහලේ මාපලගම කැටගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිගයාම හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 March 2023
මෝටර් රිය පෙරැළී ගුරුවරයා මරුට පස්සර - ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදි අද (20) මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරැලී එහි ගමන් ගත් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලීසිය කියයි. 20 March 2023
වැස්ස වැඩි වෙයි දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (20) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 March 2023
ව්‍යාපාර ලක්ෂ තුනක් මකර කටේ බැංකු පද්ධතිය මත යැපෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දස ලක්ෂයකගෙන් ලක්ෂ තුනකට වැඩි පිරිසකගේ ව්‍යාපාර වැසී ගොස් හෝ වැසී යාමට ආසන්නයේ පවතින බව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ආර්ථික ස්ථායිකරණයට අදාල කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික අනුකාරක සභාවේ දෙවැනි වාර්තාවේ සඳහන් වේ. 20 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026