ඩොලර් අර්බුදය අවසන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය හෙට(20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 19 March 2023
වතු නිවාස දහයක් පස් කන්දකට යටවේ බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීමෙන් නිවාස දහයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශවී ඒවාට යටවූ පස් දෙනකු බේරාගෙන රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි. 19 March 2023
අර්ධ සුඛෝපභෝගි බස් අප්‍රේල් මස අහෝසියි අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන අප්‍රේල් මස මැද සිට අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 March 2023
වසර දෙකක් ඇතුලත රට දියුණු වනු පෙනේවි සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්‍රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූයේ යැයිද තමාගේ ද උත්සාහය වන්නේ පරාජය වූ රට ජයග්‍රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 March 2023
එංගලන්තයේ නීතිඥ සංගමයෙන් ලිපියක් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අතුරු නියෝගය ලබාදුන් විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවකදී ප්‍රශ්න කිරීමට අවසර ලබා දීම අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමක් බව එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. 19 March 2023
ට්‍රිපල් ෆොස්ෆේට් බෙදන්න දෙයි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය ලබාදුන් ආධාර මත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර ටොන් 36000 ක් දිවයින පුරා සිටින වී ගොවීන් හට කඩිනමින් ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය වෙත අද (19) නිල වශයෙන් භාර දෙන ලදි. 19 March 2023
සංචාරකයන් දිය නාද්දී කිඹුලෙක් කඩා පනී අලුත්ගම මොරගල්ල මුහුදු තීරයේ දෙස් විදෙස් සංචාරකයන් දිය නාමින් සිටින ස්ථානයට අඩි දහයක පමණ දිග කිඹුලෙක් අද (19)පැමිණ ඇතැයි මොරගල්ල සංචාරක පොලිසිය පවසයි. 19 March 2023
පශු සම්පත් නංවන්න ඉන්දියාව අත දෙයි බිඳ වැටී ඇති පශු සම්පත් සංවර්ධන අංශය යළි නඟා සිටුවීම සඳහා ඉන්දීය රජයේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් භග්ලේ මහතා එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 19 March 2023
ගුවන්තොටුපොළ භූමියේ වෙනසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්( Ground Handling) ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සමාගමට පැවරීමට තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 19 March 2023
සෞදියෙන් රට ඉඳ ටොන් 50ක් ලැබෙයි සෞදි අරාබි රාජ්‍යය ශ්‍රී ලංකාවේ ජනතාව අතර බෙදාදීම සඳහා රට ඉඳි ටොන් 50ක් පරිත්‍යාග කර තිබේ. 19 March 2023
‘‘පතෝල න්‍යාය එපා‘‘ පතෝල වගේ නොඉඳ තමන්ගේ වගකීම් ඉටු කරන්න ඉඩ නොදෙන අයට එරෙහිව අධිකරණයට යාම හෝ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැදිහත් වීම කරන ලෙස ජාතික ජනබලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මැතිවරන කොමිසමෙන් ඉල්ලා සිටියේය. 19 March 2023
එජාපය අලුත් ව්‍යවස්ථාවකට යෝජනා කැඳවයි එක්සත් ජාතික පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහජන අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබේ. 19 March 2023
යතුරු පැදියෙන් රේස් ගිය 11ක් පොලිස් කූඩුවේ හයිලෙවල් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා වන අයුරින් රාත්‍රී කාලයේ තරගයට යතුරුපැදි ධාවනයේ යෙදුණු පැදිකරුවන් එකොළොස් දෙනකු සමග යතුරු පැදි එකොළහක් අද අලුයම අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. 19 March 2023
වැඩි පිරිසකට අරක්කු එපා වෙලා මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරා බදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි. 19 March 2023
දේවාලයක් පෙන්නා කසිප්පු පෙරලා හෝමාගම පිටිපන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් පවත්වාගෙන ගිය කපු මහතකු රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් කසිප්පු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි . 19 March 2023
නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි යන්ත්‍රය බිඳවැටේ නොරොච්චෝලේ බලාගාරයේ 3 වැනි විදුලි ජනන යන්ත්‍රය අද (19) පෙරවරුවේ බිඳවැටුණු බවත් එම යන්ත්‍රය ලබන මස (අප්‍රේල්) අලුත්වැඩියාවක් කිරීමට නියමිතව තිබූ බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 March 2023
‘‘අයි.එම්.එෆ් නැති වුණොත් සති දෙකෙන් රට ඉවරයි‘‘ ලංකාව මූල්‍ය කළමණාකරණයට යටත් නොවන රටක් බවට ලබන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන 20 වනවිට පිළිගෙන ණය ආධාර නොලැබුනොත් තව සති දෙකක්වත් රට ගෙනයන්න බැරි බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුනවර්ධන අද (19) පැවසීය. 19 March 2023
ඉගිල්ලෙන්න හිතන අයට සුභ ආරංචියක් ඩොලරයේ මිල අඩුවීමට සමානුපාතිකව ගුවන් ටිකට්පත්වල මිල ද සියයට 20කින් පමණ අඩුවී ඇතැයි වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 19 March 2023
බූරු මුණා සියල්ල වමාරයි පොලිස් අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අදිබලති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662 ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 19 March 2023
ආණ්ඩුව රට ගොඩ ගන්න හදනවිට වෘත්තීය සමිති ආපස්සට අදිනවා ආණ්ඩුව රට ගොඩගන්න හදන විට වෘත්තිය සමිති අරගල කර රට ආපස්සට ඇදීමේ උත්සාහයක නිරත වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . 19 March 2023
පුංචි ආණ්ඩුවේ බලය අද රැයින් ඉවරයි දිවයින පුරා පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. 19 March 2023
පුංචි ඡන්දෙට පෙර ජනපතිවරණයක් අප්‍රේල් මස විසි පස් වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසීය. 19 March 2023
මැති සබෙන් ගිය අයට පැන්ෂන් ගෙවන්න කෝටි 15ක් විශ්‍රාම වැටුප් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 266 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 19 March 2023
දිසා තුනකට නාය යෑමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක තුනක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 19 March 2023
නීතීඥ සංගමය ජනපතිට ලියයි යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහසයැයි ද පුරප්පාඩු වන නව පොලිස්පති ධුරය සඳහා හොඳම පත්කිරීම කරන්නැයිද කියමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා තිබේ. 18 March 2023
කටපුංචා කොටහේනට එයි කොටහේන පරමානන්ද මාවතේ දී සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ කාර්මියකයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය. 18 March 2023
නිල් මහා සටන” ජයගත් කණ්ඩායමට ජනපති තෑගි දෙයි කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහා සටනේ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලය විසින් හිමිකර ගත් අතර එම ත්‍යාග ප්රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්විණි. 18 March 2023
ඇමරිකාව සමඟ සටනට ලක්ෂ 8 ක සෙබළුන් සීරුවෙන් ඇමරිකාව සමඟ යුද්ධයකට සූදානමින්, ලක්ෂ 8 ක සෙබළුන් පිරිසක් සීරුවෙන් තබා ඇතැයි උතුරු කොරියානු රජය පවසා තිබේ. 18 March 2023
ඉම්රාන්ගේ නිවසට පොලිසිය කඩා පැනලා පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලාහෝරයේ පිහිටි නිවසට පොලිසිය කඩා වැදුණේය. පොලිසිය හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කඩා වදිද්දී, අග්‍රාමාත්‍යවරයා සිටියේ ඉස්ලාමාබාද් අගනුවර අධිකරණය හමුවේය. ඒ, දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පැවැත්වුණු නඩුව විභාග වූ බැවිනි. 18 March 2023
රුසියන් නියමුවන්ට වීර පදක්කම් ඇමරිකාවට අයත් ‘රීපර්’ වර්ගයේ ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් බිම හෙලූ ‘එස් යූ 27’ වර්ගයේ රුසියන් ප්‍රහාරක ජෙට් යානා නියමුවන් දෙදෙනාට එරට ආරෙක්ෂක අමත්‍යාංශය වීර පදක්කම් පිරි නමා තිබේ. 18 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026