
(ප්‍රියන්ත දසනායක)
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පියට සහ පුතාට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පියා මියගොස් පුතා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
වැලිගම - අකුරැස්ස මාර්ගයේ පිටදෙණියේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි ඇත.
ඔවුන් ගමන් ගත් යතුරුපැදිය පිටුපසින් හඹා ආ නාදුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරය එල්ල කොට පළා ගොස් ඇත.
වෙඩි වැදීමෙන් පියා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
එසේ මියගොස් ඇත්තේ කමල් චමින්ද නැමැත්තෙකි ඔහුගේ දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇත.
මියගිය පියා සමග පැමිණි පුතු යතුරුපැදියෙන් පැන දිව යද්දී ඔහුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් මාතර මහ රෝහල ඇතුළත් කර ඇත. වැලිගම පොලීසිය පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිය - පුතු දෙපළට වෙඩි,-පියා මරුට:පුතාට තුවාල
Bunny Preena Tuesday, 16 May 2023 09:22 AM
යම් කිසි අතීත සිද්ධියක් මුල්කරගෙන සිදු වූ පලිගැනීමක්වත්ද ?
Nimal Tuesday, 16 May 2023 11:20 AM
දකුණට මොකද වෙලා තියෙන්නේ ? හැමදාම මිනී මරනවා. ලංකාවේ නරකම මිනිස්සු ඉන්නෙ මෙහෙද දන්නෑ.
Sagara Kalahe Tuesday, 16 May 2023 12:56 PM
පිටදෙනිය කියල ගමක් නෑ. දෙනිපිටිය කියල ගමක් තිබෙනව. දෙනිපිටියෙ ණුගරුක-ගජමන් නොනා.