(අංජුල මහික වීරරත්න)
ළමා අපයෝජන වැළැක්වීම සඳහා දැඩි නීතියක් කෙටුම්පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීති අංශ වෙත නියෝග කර තිබේ.
ගුරුවරුන් ,වැඩිහිටියන් අතින් මෙන්ම සමාජයේ විවිධ ජන ජනකොටස් අතින් දිගින් දිගටම සිදුවන ළමා අපයෝජන ක්‍රියා ඉතා කඩිනමින් මර්දනය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එවැනි ක්‍රියා සඳහා දැඩි දඩුවම් නියම කෙරෙන නීති පද්ධතියක අවශ්‍යතාවය අවධාරණය කර ඇත.
කළුතර හෝටලයකින් පැන 16 හැවිරිදි දැරියක මියයාම,කළුතර ටියුෂන් ගුරුවරයකු විසින් දරුවන් 16 දෙනකු අපයෝජනයට ලක් කිරීම ආදී සිද්ධි දිගටම වාර්තා වීම ගැන සලකා බලා ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
රටේ දරු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම නීති මාලාවක් හඳුන්වා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.ඒ සඳහා දැනට පවතින නීති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ජනාධිපතිවරයා ජංගම දුරකථන,සමාජ මාධ්‍ය ආදිය යොදා ගනිමින් කෙරෙන ළමා අපයෝජන සම්බන්ධයෙන් ද මෙම නීති පද්ධතිය සැකසීමේදී අවධානය යොමු කළ යුතුව තිබෙන බව දැනුම් දුන්නේය.
සංචාරකයන් අතින්ද ළමා අපයෝජන සිදු වූ අවස්ථා අතීතයේ දී වාර්තා වී තිබෙන බව සිහිපත් කළ ජනාධිපතිවරයා එවැනි සියලු සිද්ධිවලට වැට බඳින පුළුල් නීති මාලාවක අවශ්‍යතාවය පෙන්වා දී තිබේ.
අදාළ නීති කෙටුම්පත් කිරීමෙන් අනතුරුව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිතව තිබේ.
ළමා පරපුර රැක ගැනීම සඳහා මෙලෙස දැඩි නීති ගෙන එන අතර ම දරුවාගේ මානසිකත්වය තේරුම් ගෙන පුළුල් මනසක් සහිත දරුවකු නිර්මාණය කිරීම සදහා සමාජයේ ආකල්ප වර්ධනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මට්ටමින් වෙනම වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් තියෙන නීති ක්‍රියාත්මක කරන්නකෝ ඉස්සර වෙලා... ඔබතුමා නීති හදන්න වගේ අවශ්‍ය වෙලාවට නීති නවන්නත් දක්ෂ බව අපි දන්නවා.
ළමා අපයෝජන මඩින්න දැඩි නීති සහ පාසල් අධ්‍යාපනය තුල ලිංගික අධ්‍යාපනය පමණක් නොව ලිංගික හිරිහැර සිදුවන්නේ කුමන ආකාරයෙන්ද සහ එවැනි සිද්ධීන් සිදුවීමට පෙර වළක්වාගනු ලබන්නේ කෙසේද කියාත් අධ්‍යාපනය තුළින් ඔවුන්ට ඒත්තු ගැන්විය යුතු වේ. එපමණක් නොව පාසල් දරුවන් CELL PHONE භාවිතය පිළිබඳව අලුතින් සිතාබලා අලුත් ක්‍රමවේද හඳුන්වා දිය යුතුවේ..
ජනපතිතුමනි ඔබ දන්නවාද ? පොලිස් අත් අඩංගුවට පත් පුද්ගලයින් නිදහස් කරගත හැකි ඉතා ලේසි ක්‍රමවේද තියනවා බව.
මුලින්ම පාසලේ ගුරුවරුන්ගෙන් ළමයි බේරගන්න ඕන .පන්සලත් ෂුවර් නැහැ