IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහර බන්ධනාගාර කැරැල්ලට වගකිව යුතු රැඳවියන් අධිකරණයට

(මනෝප්‍රිය ගුණසේකර)

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාර රැඳවියන් පැවැත්වු විරෝධතාවයේදී නිලධාරීන්ට පහර දුන් සහ බන්ධනාගාරයට හානි කළ රැඳවියන් 63 දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා රහස් පොලිසියට නියම කළේය.

මෙම විරෝධතාවයේදී රැඳවියන් බන්ධනාගාර ගොඩනැඟිලිවලට ගිනිතැබීමෙන් සහ පහරදීමෙන් එම ගොඩනැඟිලවලට සහ අහාර ගබඩාවේ තිබු ආහාර තොගවලට රුපියල් කෝටි දෙකකට ආසන්න පාඩුවක් කොට ඇති බවට රජයේ තක්සේරු දෙපාර්තමෙන්තුව ඉදිරිපත් කළ වාර්තා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

විරෝධතාවය අතරතුර රැඳවියන් බන්ධනාගාරයේ ගොඩනැඟිලිවලට ගිනිතැබීමෙන් සහ පහරදීමෙන් රුපියල් එක්කෝටි හැත්තෑහතර ලක්‍ෂයකට අධික පාඩුවක් කොට ඇති බවත් විරෝධතාවය වන විට බන්ධගාරයේ රැස්කොට තිබු රුපියල් ලක්‍ෂ 19කට ආසන්න ආහාර තොග විනාශ කොට ඇති බවත් රජයේ තක්සේරු දෙපාර්තමෙන්තුව වාර්තාවක් මඟින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබිණී.

එම කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා අපරාධයන්ට සම්බන්ධ සියළු රැඳවියන් අත්අඩංගුවට ගැනීමට නියම කෙරිණී.

 



අදහස් (1)

මහර බන්ධනාගාර කැරැල්ලට වගකිව යුතු රැඳවියන් අධිකරණයට

බී අමරසිංහ Tuesday, 16 May 2023 06:08 AM

රැඳිවියන් විතරද? පහත් තැනින් යයි ගලා,,,,,

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site