IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බන්ධනාගාර ලොක්කෝ ඉහළ අධිකරණයකට යන්න සැරසේ?

(මනෝප්‍රිය ගුණසේකර)

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන්නැයි ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන්නැයි ඉල්ලමින් මහර හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු බන්ධනාගර නිලධාරීන් ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ඉහළ අධිකරණයකට අභියාචනයක් කිරීම සඳහා අදාළ බන්ධනාගාර නිලධාරීන් පසුගිය සතියේ නීතීඥ සහය ලබා ගැනීමට කටයුතු කොට ඇතැයිද එම ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්ට වෙඩි තබා  රැඳවියන් 11 දෙනකුගේ මරණ අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා එම අපරාධයට සම්බන්ධ සියළුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කෙරිණී.

 

 



අදහස් (1)

බන්ධනාගාර ලොක්කෝ ඉහළ අධිකරණයකට යන්න සැරසේ?

Lalla Tuesday, 16 May 2023 08:37 AM

බන්ධනාගාර ලොක්කෝ රාජපක්ෂකරනය වූ වනචාරීන් සමූහයක් ලෙස යොදාගෙන නේද හිටියේ.වැලිකඩ,මහර කැරලි ඇතුලෙන් ඇතිකරල රජපවුල සමඟ හවුලේ කරපු අපරාධ වලට සම්බන්ධ රැඳවියන් ඝාතනය නේද සිදුවුනේ....

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site