(මහින්ද නිශ්ශංක)
පොල්ගවෙල සිට රත්මලාන දක්වා ධාවනය කෙරෙන ‘ෆවුසි‘ කාර්යාල දුම්රියේ තුන්වන පන්තියේ ප්රවේශ පත්ර වලින් දෙවන පන්තියේ මැදිරිවල ගමන්ගත් මගීන් 45 දෙනකු ප්රවේශ පත්ර වැරදි සම්බන්ධයෙන් අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
කොටුව මෙහෙයුම් ඒකකය මගින් අද(15) සිදුකල ප්රවේශ පත්ර පරීක්ෂාවකදි අල්ලා ගත් මෙම මගීන්ගෙන් 37 දෙනකුට රුපියල් 114,160 ක් දඩ මුදලක් අය කරගත් බව පවසයි.
සෙසු මගීන් දඩ මුදල් පසුව ගෙවීමේ පොරොන්දුව මත මුදාහැරිය බව මෙහෙයුම් ඒකකය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දඩ කාපු දුම්රිය මගීන් තුන්වැනි පන්තියේ ඉඩ තියෙද්දී දෙවැනි පන්තියේ ගියානම් ඔවුන් වැරදියි.ඒත්, බොහෝවිට දුම්රියේ තුන්වැනි පන්තියේ මගීන් යන්නේ කිටි කිටියේ මිරිකිලා අනන්ත දුක් ගැහැට විඳිමින්.මේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්රථමයෙන්ම,මඟීන්ගේ ගමන් පහසුව සැලසීය යුතුයි.ගවයන් වගේ මගීන් ප්රවාහනය කරන්නට රටේ පොදු නීතිය යටතේ බැහැ.මගීන් තමන් විඳිනා හිරිහැර හා මුදල් ගෙවා ටිකට් පත් ගෙන යන ගමන් බිමන් යාමේදී සිදුවෙන දුක්බර දේ සාක්ෂි සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කළහොත්,දුම්රිය බලධාරීන් ගේ රෙදි ගැලවෙන හැටි බලන්න පුළුවන්.දුම්රියේ සිදුවෙන හොරකම් එමටයි.ඒවා අල්ලන්න බැරි දුම්රිය හමුදාව මේ වගේ දේවල් කරන්න නම් මහා වීරයන්. අනේ රටකට ගිය කල ...
මේක හොඳ දෙයක්..., මෙය නිතරම සිදුවෙනවා නුවර කොළඹ යන දුම්රියවල, දෙවන පන්තියේ ටිකට් ගත්තු අය හිටගෙන යනවා, තුන්වන පන්තියේ ටිකට් ගත්තු අය දෙවන පන්තියේ ඉඳගෙන යනවා, වැරැද්ද පෙන්නන්න ගියොත් රණ්ඩුවට එනවා... හරි කණගාටු තත්වයක් මෙයට පිළියමක් යොදන්න.
දෙවෙනි පන්තිය කීවට ඒවත් අපායවල් වගේ. මකුළුදැල් හැමතැනම සීට් ඉරිලා, ෆෑන් වැඩකරන්නේ නෑ, ෂටර්ස් අරින්න බැහැ, අරියොත් වහන්න බැහැ. නමට විතරක් දෙවෙනි පන්තිය. එහෙනම් ඒ පහසුකම් ටිකත් දීපල්ලා. තුන්වෙනි පන්තියේ මැදිරි ගණනත් වැඩි කරපල්ලා...
ඕකුන්ව හම ගහපිය
ඕකුන්ව හම ගහපිය
සුද්දගෙ පංති බෙදිල්ල දැන්වත් නවත්තලා දාන්න ඕනේ. ඵකම පහසුකම් තියන දුමිරිය පෙටිටි දැම්මා නම් ඔය ප්රශ්න නෑ නේ