IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ආපදා කළමණාකරණය සා.පෙළ ට සූදානම්

(නිමල කොඩිතුවක්කු)

සාමාන්‍ය පෙළ විභාගය කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කළ හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා විසින් විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.

නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්වයන් පිළිබඳ සැගකිලිමත් වෙමින් මෙම හදිසි ආපදා ප්‍රතිචාර පෙරසුදානම් සැලැස්ම සකස් කර ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාණය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන 3568 ආවරණය වන පරිදි මෙම  සැලැස්ම සකස් කර ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය.

ආපදා වලට අමතරව ඩෙංගු උවදුර හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවිය හැකි බලපෑම වළක්වා ගැනීම සදහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම සම්බන්ධයෙන්ද විභාග දෙපාර්තමේන්තුව සමග විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළකද ක්‍රියාත්මක බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙයට අමතරව යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බ්නධීකරණ කාර්යාලය අංක 1911 යන දුරකථනවෙත දැනුම් දෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

 



අදහස් (1)

ආපදා කළමණාකරණය සා.පෙළ ට සූදානම්

Kumari Wednesday, 17 May 2023 10:04 AM

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින වල පොසොන් උත්සවය යෙදී තිබෙන බැවින් ඒ දිනවල පැවැත්වෙන දන්සල්, තෝරන් සහ අනෙකුත් උත්සව වල ගෝෂාකාරී සබ්දය (පොහොය දින හැර) මෙම දරුවන්ට බාධාවක් නොවන්නේද. ඒ පිළිබදව සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නේනම් මැනවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 874 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1291 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site