(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ප්‍රභාත් නෙත්තසිංහ)
කුරුණෑගල , බණ්ඩාර, කොස්වත්ත මඩිග මිදි වල ගම්මානයේ රහසිගත ලෙස පවත්වාගෙන ගිය නීති විරෝධී ඝාතකාගාරයක් අද (16) වටලා ඝාතනය කරන ලද ගවයින් 06 ක් , මස් තොගයක් සමඟ සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදැයි වාරියපොළ පොලීසිය පවසයි
අධි ශීතකරණ පහසුකම් සහිත ලොරියක් ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් ඝාතනය කළ ගවයින්ගේ මස් අධි ශීතකරණ පහසුකම් සහිත ලොරියට පටවමින් සිටියේ යැයි පොලිසිය පවසයි.
වාරියපොළ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.
මෙම නීති විරෝධී ගව ඝාතනාගාරයේ ඝාතනය කරන ලද බව මස් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බව කියති.
පසුගිය මාස කිහිපය තුළ වරින් වර ගවයින් සොරාගැනීමේ සිද්ධීන් 11ක් පමණගැන පැමිණිලි වාරියපොළ පොලිසියට ලැබී තිබුණු බව පැවසේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හරක් හොරු 6ක් දැලේ