
(නිමන්ති රණසිංහ)
ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුගේ එම තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම සිව්දෙනා මෙම සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙසට ජනාධිපති නිතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඇමැතිවරියක වන පවිත්‍රා වන්නිආරච්චි, හිටපු ඇමැතිවරයකු වන රෝහිත අබේගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන අයවලුන්ගේය.
මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමකාමී මහජන උද්ඝෝෂණයට අරලිය ගහ මැදුරේ අභියස සිට එල්ලකළ මැර කල්ලි ප්‍රහාරය නිසා එතෙක් පැවැති සාමකාමී වාතාවරණය සහමුලින්ම වෙනස් වී ඉතා බිහිසුණු කලහකාරී තත්වයක් ඇති විය. එහෙත් ඊට සම්බන්ධව කටයුතු කළ අය සැකකරුවන් ලෙස නම් කිරීමට මේ රටේ පොලිස්පතිවරයා හෝ අනෙකුත් වගකිවයුතු පොලිස් නිලධාරීන් දැනසිට නැත. නීතියට හා අධිකරණයට හරිහැටි තම නීතිරාමුව තුළ ක්‍රියාත්මක විය හැකි වනුයේ, පොලීසිය විසින් නිවැරැදි ලෙස හා අවංකව සාක්ෂි සහිතව සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පමණය. මෙහිදී මේ රටේ මහජනතාවගේ බදු මුදලින් වැටුප් හා වරප්‍රසාද ලබා ඒ ජනතාවටම පොලිසිය ද්‍රෝහි වී ඇත්තේ ඇතැම් බලවතුන් ඉදිරියේ නිවට වී ඔවුන්ට පක්ෂග්‍රාහී වීම නිසා බව පෙනේ. මේ රටේ ඇත්තේ ලොව වෙනත් රටක නොමැති ආකාරයේ අපූරු පොලීසියක් බව පෙනේ. මේ වැනි පොලිසියක් ඇති රටේ මහජනතාවට දෙවියන්ගේම පිහිටයි.
පොලිස්පතිවරයා පත් කරන්නේ ජනාධිපතිවරයා නම් ජනාධිපති වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් පොලිස්පතිවරයා නොකරයි කියා යමෙක් හිතනවා නම් ඒ ගැන මම කුමක් කියන්නද?
ඉක්මණට පිටවෙන්න.. ආපසු එන්න හදිසි වෙන්න එපා...
පුළුවන් නම් රටින් තොලොංචි වෙලා යන්න. රට කෑවා.
උගන්ඩාවට පටවපු ඩොලර් බලන්න යන්න බැරියැ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා, රටත් බංකොළොත් කෙරුවා...
එයාලාට විදෙස් ගමන් යන්න ඕන ඩොලර් උපයන්නේ ගෑනු අරාබියේ වලං සෝදලා නේද?
අපේ රටේ ළමුන්ට තුන් වේලටම සෝයා මීට් කන තත්වයට රටේ ආර්ථිකය වට්ටපු නරුම දේශ පාලකයා .,සුභ ගමන්