(රේඛා තරංගනී ෆොන්සේකා)
ලොව පුරා ඇතිවන ලැව් ගිනි නිවන ගුවන් ගිනි රථ තුනක් අද (17) රත්මලාන තොටුපලට පැමිණ තිබිණි.
ඕස්ට්‍රේලියාවේ සිට ගමන් අරඹන මෙම ගුවන් යානා සේවා පහසුකම් ලබා ගැනීම සඳහා මෙසේ රත්මලාන ගුවන් තොටුපොළට පැමිණෙන අතර යුරෝපා රටවල්වල ඇති වන්නා වූ ලැව්ගිනි නිවා දැමීමට ජලය රැගෙන යෑම මෙහි විශේෂත්වයකි.
Fireboss 208 Airtractors මෙවැනි ගුවන් රථ රත්මලාන ගුවන් තොටුපළෙන් සේවා පහසුකම් ලබා ගැනීම හේතුවෙන් මාසික ආදායම ඉහල යන බව එහි කළමනාකරු අරුණ රාජපක්ෂ මහතා පැවසීය.
එහිදී අප වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රත්මලාන ගුවන් තොටුපලේ අභ්‍යන්තර ගුවන් සේවා සහ ජාත්‍යන්තර ගුවන් සේවා මේ වන විට කොවිඩ් වාතාවරණයෙන් පසුව ඉතා හොඳ අතට හැරෙමින් පවතින බවය.
වර්තමානයේ තත්වය සලකා බැලීමේදී ගුවන් යානා නැවතුම් ස්ථාන දේශීය සමාගම්වලට ලබාදීම තුළින් ද සැලකිය යුතු ආදායමක් ඉපයිමට හැකියාව ලැබී ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලැව් ගිනි නිවන යානා තුනක් රත්මලානට
chandima Thursday, 18 May 2023 12:34 AM
ඔස්ට්‍රේලියාවේ ඉඳන් යුරෝපෙට ලැව් ගිනි නිවන්න යනවා කියන්නේ ළඟදීම යුක්‍රේන් යුද්ධයට යුරෝපෙත් හවුල් වෙන්නවත් යනවද?
Bunny Preena Thursday, 18 May 2023 09:34 AM
පුලුවන්නම් අපේ රටටත් එකක් නිකන් ඉල්ලා ගන්න බැරිද ?