IMG-LOGO

ලෝක හෙද දින උත්සවයේ කෑම පිළිණු වෙලා

(ෂේන් සෙනෙවිරත්න)

ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රමුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ අද (17) උදේ පැවති උත්සවයේදී එහි පැමිණ සිටි පිරිසකට පිළුණු වූ කෙටි ආහාර සමග තේ පැන් ලබාදී ඇතැයි වාර්තා වේ.

මහනුවර නගරයේ ප්‍රසිද්ධ හෝටලයකින් ලබාගෙන තිබූ එම කෙටි ආහාරවල තිබූ සැමන් දැඩි ලෙස පිළුණු වී ගඳ වහනය වෙමින් තිබූ අතර, මේ හේතුවෙන් එහි සිටි බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවට පත්වූහ.

මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිරිසක් සිටින උත්සවයකදී ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ආහාර ලබාදීම සම්බන්ධයෙන් එහි සිටි පිරිස් දැඩි විරෝධය දැක්වූ අතර, සිද්ධිය සමථයට පත්කිරීමට එහි සංවිධායක මණ්ඩලය දැඩි උත්සාහයක නිරත විය.

 



අදහස් (9)

ලෝක හෙද දින උත්සවයේ කෑම පිළිණු වෙලා

SL Thursday, 18 May 2023 04:29 AM

පවු අප්ප PHI මහත්තුරු.අපිට කක්ක හොදන අත්වලින් හෝටල් වල උදවියට කෑම බෙදන්න දීලා .පරන තෙල්වලින් උයපු කෑම කන්න දිලා කුණු මාලු කන්න දීලා ඒ උදවිය අපේ ප්‍රතිශක්තිය වැඩි කරනවා .එතුමන්ලත් බලා ඉන්දැද්දී දියුනු වෙනවා. කොලඹ නගර සභාවට සහ නුවර නගර සභා වලට පිං

:       0       1

A.A.M.Shyamali Thursday, 18 May 2023 08:21 AM

උදේ සහ දහවල් ආහාර පිලුනු වී තිබුන බැවින් මේ පිලිබදව සොයාබලා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුමයි

:       0       0

සහම් Thursday, 18 May 2023 09:11 AM

බදු මුදල් නාස්තිකිරීම තාමත් එහෙමමයි.

:       0       0

Pradeep Kumara Thursday, 18 May 2023 09:58 AM

මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිරිසක් සිටින උත්සවයකදී ඔහොම නම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? කිසිම දේකට නිසි යාන්ත්‍රණයක් නැති නිසා ව්‍යාපාරිකයෝ හැමතැනකම අසරණ ජනතාව පීඩාවට පත් කරනවා.

:       0       5

Sunil Thursday, 18 May 2023 10:07 AM

කෑම ටිකක්වත් හරියට දෙන්න බැරි රජ්ය ආයතන.

:       2       3

himalThursday, 18 May 2023 11:02 AM

ඔය කෑම දෙන්නේ කොහෙන් හරි ඇණවුම් කරලානේ. ඇයි ඒ හෝටලයේ නම දාන්නෙ නැත්තෙ?

:       0       7

Persi Thursday, 18 May 2023 11:36 AM

කෑම දීපු හෝටලේ අයිතිකාරයාත් ඇමති පුතාලු..

:       0       4

ජයම්පති Thursday, 18 May 2023 12:04 PM

හෝටලයේ නම සිරි රම්‍යා

:       0       4

අබිලින් Thursday, 18 May 2023 02:34 PM

මහින්ද රාජපක්ෂට අයත් දේපොළ කොතරම් තියෙනවාද කියලා හිතාගන්න බැහැ. මෙතන උත්සවය කරල තියෙන්නෙ ඔහුට අයත් තැනක නිසා . මොකද කෙනෙකුගේ නමින් තියෙන සියලු දේවල් ඔහුගේ නිසා .ඇත්තටම රට හදන්න මුදල් සෙවීම හරිම පහසුයි කියලා කියන්න පුළුවන් කොහොමද කිව්වොත් ජනතා මුදල් යොදාගෙන ඉදිකර කෙනෙකුගේ නමින් පවතින සෑම ආයතන වලින්ම සංවර්ධන බද්දක් නමට අයිතිවාසිකම් කියන පුද්ගලයා ගෙන් හෝ ඔහු නැත්නම් උරුමක්කාරයන්ගෙන් අයකරන්න ඕන

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site