IMG-LOGO

ලොව දැවැන්තයෙක් කොළඹ වරායට

(නිමල කොඩිතුවක්කු)

වැන් හයි  නෞකා ජාලයට අයත් වැන් හයි ඒ 10  නෞකාව අද (17) දින සිය ප්‍රථම ආගමනය සමගින් කොළඹ වරායට සේන්දු විය.

අග්නිදිග ආසියානු කලාපයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය වෙත සෘජු සේවා සැපයීම වෙනුවෙන් ආරම්භ වූ නව සේවාවක් වන මෙම නෞකාව බහලු 14000කින් සමන්විත වේ.

වැන් හයි ඒ 10 නෞකාව සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචිව යාත්‍රා කරන අතර, දිග මීටර් 335 ක් සහ පළල මීටර් 51කින් යුක්ත නෞකාවේ ගැඹුර මීටර් 14.4කි.

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කොළඹ වරායේ ජාත්යාන්තර බහලු පර්යන්තය වෙත පැමිණි වැන් හයි ඒ 10 නෞකාව පිළිගනු ලැබීය.

කොළඹ වරායේ සැළසුම් සහගත කෙටිකාලීන හා දිගුකාලීන සංවර්ධන උපාය මාර්ගයන් හේතුවෙන් කොළඹ වරාය වෙත නව නෞකා සේවාවන් ආකර්ෂණය වෙමින් පවතින බව එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 



අදහස් (1)

ලොව දැවැන්තයෙක් කොළඹ වරායට

Nimal Thursday, 18 May 2023 01:49 PM

මේකෙනුත් පගා ඉල්ලුවද දන්නේ නෑ මේ මිනිහා ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site