(සුමතිපාල දීයගහගේ )
ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සහිත බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් හය දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පැවසීය.
රාජ්‍ය බුද්ධි සේවාවට සහ නාවික හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව දකුණු ගැඹුරු මුහුදේදී නාවික හමුදාවේ විජයබාහු නෞකාව මගින් මෙම මෙහෙයුම සිදු කර මත්ද්‍රව්‍ය සහිත යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ.
පාර්සල් ඇසුරුම් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින යාත්‍රාව තුළ තැන්පත් කර ඇති බවද වාර්තාවේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත බහුදින යාත්‍රාව අද (18) කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd