
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය උරුතිරපුරම ප්‍රදේශයේ පිහිටි ශිව කෝවිල් භූමියෙන් වසර 2400කට වඩා ඉපැරැණි බවට සැලකෙන සිරිපතුලක් ඇතුළු බෞද්ධ පුරාවස්තු රැසක් හමුවී ඇත.
එම ස්ථානයේ තිබී මැටි බඳුන් කිහිපයක් ද මීට වසර හතරකට පමණ පෙර හමුවී ඇති අතර එය කෝවිලට අයත් භාණ්ඩ ලෙස සලකා කෝවිලේ පූජකයන් විසින් ඒවා කෝවිලේම තැන්පත් කරනු ලැබ ඇත.
එසේ හමුවූ සිරිපතුල ඇතුළු බෞද්ධ පුරාවස්තු මහාචාර්ය එස්. පද්මනාදන් මහතා විසින් පරීක්ෂා කරනු ලැබ ඇති අතර, මෙම කෝවිල පිහිටි පුරාවිද්‍යා භූමිය පොලොන්නරු යුගය දක්වා දිව යන බව ඔහු සඳහන් කරයි.
සොයාගනු ලැබූ පුරාවස්තු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයට ගෙන ගොස් ඒවා සංරක්ෂණය කළ යුතු බවට ද ඔහු කියයි.
1956 වසරේදී මෙම ස්ථානයෙන් බෞද්ධ පුරාවස්තු රැසක් හමුව ඇති අතර, මෙම ශිව කෝවිල ඉදිකර ඇත්තේ එම පුරාවස්තු හමුවීමෙන් වසර විස්සකට පමණ පසුව බවට ද තොරතුරු අනාවරණය වේ.
එම ස්ථානයෙන් හමුවූ පුරවස්තු තවමත් කෝවිල් භාරකාර මණ්ඩලය යටතේ පවතී.
එම ප්‍රදේශයේ පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා පුරාවිද්‍යා නිලධාරීන් අවස්ථා කීපයකදී උත්සාහ දැරුවද අන්තවාදී පිරිස් දිගින් දිගටම උද්ඝෝෂණ සංවිධාන කරමින්, පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කිරීමේ කටයුතුවලට බාධා පමුණුවන බව යාපනය පුරාවිද්‍යා කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව රැකගන්න නම් රාජපක්ෂ වරු බලයට එන්නම වෙනවා.
දේශපාලකයන් රකින්න පොලීසිය හමුදාව හා එස්ටීඑෆ් දසදහස් ගනන් යොදවල තියෙනවා.ඇයි මේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා රටේ පෞරාණික ඉතිහාසය ආරක්ෂා කරන්න බැරි ?
උබලට අදහස් දුන්නට දාන්නෙ නැහැ. උබලත් අන්තවාදීන්ම තමයි
ප්‍රදීප් කුමාර මහතාට මෙවැනි විස්තර විස්තර සමාජය වෙත ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි!