(අංජුල මහික වීරරත්න)
මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සිටින අය හඳුනාගෙන ඔවුන් සමාජයට කරන අහිතකර ක්‍රියා වැලැක්වීම සඳහා නව නීති හඳුන්වා දී දිය යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා කීය.
රටේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව කී අබේවර්ධන මහතා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට හමුදාව කැඳවූයේ විශ්වවිද්‍යාල අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බවට රජයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව බවද කීය.
විශ්ව විද්‍යාල ඇතුලෙන්ම රජයට අදාල තොරතුර ලැබුණු බව කී අබේවර්ධන මහතා විවිධ දේශපාලන අරමුණු තිබෙන අය මෙවැනි ක්‍රියා සිදු කරමින් සිටින බව කීය.
ආගමික ගැටුම් නිර්මාණය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරන ක්‍රියා ජනාධිපතිවරයා විසින් පාලනය කරමින් සිටින බව ද අබේවර්ධන මහතා කීය.
ඡායාරූපය (අංජුල මහික වීරරත්න)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මානසික ත්‍රස්තවාදය වලක්වන්නත් නව නීති
aravinda Monarawila Thursday, 18 May 2023 02:14 PM
ඒ පනතින් මුලින්ම දඬුවම් කරන්න ඕනේ තොටයි තොගේ මහ එකාටයි
දුමින්ද Thursday, 18 May 2023 02:22 PM
ඒකනම් ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි .මොකද සමහරක් අයගේ දේශපාලන රැස්වීම් සදහා යහපත් මානසිකත්වය ඇතිව සහභාගී වෙන පිරිස් ආපසු එන්නෙ මානසික ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය තත්වයට පත්වෙලා කියලා කියන්න පුළුවන්
Akila Thursday, 18 May 2023 03:15 PM
ඔය ඔය මොන නීති ගෙනාවත් වැඩක් නැහැ , මේ රට වට්ටපු ආර්ථික ඝාතක ත්‍රස්තවාදියෝ ටික බලයේ ඉන්නකන් මේ රට මින් ඉදිරියට හැමදාම බංකොලොත්
විපරමා Thursday, 18 May 2023 03:25 PM
රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි දූෂිත දේසපාලුවන්ටත් ඔය වගේ නීති ගෙනාවනම් තමා හොඳ
සාර්කැස්ටික් Friday, 19 May 2023 08:48 AM
දේශපාලන ත්‍රස්තවාදය රටම ගිලගෙන අවසන්. එහි මූලස්ථානය දියවන්නාවේ පිහිටා ඇත. එය අතුගා දැමීමට පනත් කෙටුම්පත් වහාම ගෙන ආ යුතුයි.