
(අංජුල මහික වීරරත්න)
මානසික ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා ඉතා කඩිනමින් නව නීති සම්පාදනය කළ යුතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
අතේ ආයුධ නැතත් මනස නැමැති ආයුධයෙන් සන්නද්ධ වී සිටින අය හඳුනාගෙන ඔවුන් සමාජයට කරන අහිතකර ක්‍රියා වැලැක්වීම සඳහා නව නීති හඳුන්වා දී දිය යුතුව තිබෙන බවද අබේවර්ධන මහතා කීය.
රටේ නීතිය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව තදින් ක්‍රියා කරන බව කී අබේවර්ධන මහතා පසුගිය දිනවල කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට හමුදාව කැඳවූයේ විශ්වවිද්‍යාල අත්පත් කර ගැනීමේ සැලසුමක් පවතින බවට රජයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව බවද කීය.
විශ්ව විද්‍යාල ඇතුලෙන්ම රජයට අදාල තොරතුර ලැබුණු බව කී අබේවර්ධන මහතා විවිධ දේශපාලන අරමුණු තිබෙන අය මෙවැනි ක්‍රියා සිදු කරමින් සිටින බව කීය.
ආගමික ගැටුම් නිර්මාණය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරන ක්‍රියා ජනාධිපතිවරයා විසින් පාලනය කරමින් සිටින බව ද අබේවර්ධන මහතා කීය.
ඡායාරූපය (අංජුල මහික වීරරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පනතින් මුලින්ම දඬුවම් කරන්න ඕනේ තොටයි තොගේ මහ එකාටයි
ඒකනම් ඉතාමත් අවශ්‍ය දෙයක් තමයි .මොකද සමහරක් අයගේ දේශපාලන රැස්වීම් සදහා යහපත් මානසිකත්වය ඇතිව සහභාගී වෙන පිරිස් ආපසු එන්නෙ මානසික ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය තත්වයට පත්වෙලා කියලා කියන්න පුළුවන්
ඔය ඔය මොන නීති ගෙනාවත් වැඩක් නැහැ , මේ රට වට්ටපු ආර්ථික ඝාතක ත්‍රස්තවාදියෝ ටික බලයේ ඉන්නකන් මේ රට මින් ඉදිරියට හැමදාම බංකොලොත්
රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි දූෂිත දේසපාලුවන්ටත් ඔය වගේ නීති ගෙනාවනම් තමා හොඳ
දේශපාලන ත්‍රස්තවාදය රටම ගිලගෙන අවසන්. එහි මූලස්ථානය දියවන්නාවේ පිහිටා ඇත. එය අතුගා දැමීමට පනත් කෙටුම්පත් වහාම ගෙන ආ යුතුයි.