(ඉන්දිකා රාමනායක)
නිලාවේලි පොලිසියේ පැවැත්වු මාසික පරීක්ෂණයේ දී සපත්තු ජෝඩුව සහ බඳ පටිය නිසි ලෙස ඔප නොකළේ මන්දැයි කළ කරුණු විමසීමේ දී පොලිස් සැරයන්වරයකු සහකාර පොලිස් අධිකාරි වරයාට පිරිස ඉදිරියේ උස් හඩින් කතා කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
“අපේ මේ අඩුපාඩු ඔච්චර කියන්න දෙයක් ද, මේවා ප්‍රශ්න ද මීට වඩා ප්‍රශ්න අපට තියනවා , අපි ට තියන ප්‍රශ්න දන්නේ අපි විතරයි, ඕන දෙයක් කරන්න, ඕනේ නම් මගේ වැඩ සහනම් කරයි, ඒත් මම බය නැහැ යැයි” මෙම මාසික පරීක්ෂණයේ දී සහකාර පොලිස් අධිකාරිවරයාට පවසා ඇත.
රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් වෙනම පේලියක් තිබෙන අතර මෙම පොලිස් සැරයන්වරයා වෛද්‍ය නිර්දේශයකින් තොරව සහ උසස් පොලිස් නිලධාරීන්ගෙන් නිසි අවසරයකින් තොරව එම පේලියේ සිට මෙම ක්‍රියාව සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම සැරයන්වරයාගේ මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් මූලික විමර්ශනයක් පවත්වා ඊයේ (17) දින සිට ඔහු වැඩතහනමට ලක්කර ඇති බවද එම උසස් නිලධාරියා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මනුස්සයාව හිරේ දාන්න ඕනේ .කොච්චර වරදක්ද කරලා තියෙන්නේ .අනික පගාවක් ගහලා කුඩු කාරයන්ට හොරුන්ට උදවු කලානම් කමක් නෑ .මේක ඇත්තම කියලානේ
විනය තකා නිසි පියවර ගන්නා අපේ උඩින් ඔපේ යටින් හපේ පොලිසිය. ආදරෙයි පළන්න තරම්. ඒ සැරයන්ට මල් මිටක් මෙන්න.
හොඳ පුහුණුවක් පරිපූර්ණ භාවයක් වනු ඇත. එය ඉහළ සිටම පැමැනේ . අද ඒක පොලිස් දෙපාර්තමේන්තුවේ දකින්න බැහැ.
පහත් තැනින් ගලා බසී ජලේ තමා. S S P ල ගන්ජ වවනව විතරක් නෙමේ, ගන්ජ සිවිලිම් වල තියාගෙන විකුනනව. ඩෙශපලකයන්ට කඩේ යනව. මෙවට කිසිම විනය පරීක්ෂනයක් නැහැ.
අදාල සැරයන් වරයාගේ ක්‍රියාකලාපය හරියටම හරි යයි ම නොකියමි . නමුත් බොහොමයක් පොලිසිවල සිදුකෙරෙන මෙවැනි පරික්ෂණ විහිළු වලින් පිරී ඇතිබව ප්‍රකට කරුණකි. එනම් අදාළ පරීක්ෂණය නිමවනතෙක් අවට ගෙවල් වලින් මල් පෝච්චි උස්සගෙන ඇවිත් පොලෝසි අලොකාර කිරීම . නගරයේ වෙළඳුන් ගෙන් මුදල් එකතුකර ආහාර හා අනෙකුත් දෑ සපයා ගැනීම . අදාල පරීක්ෂණයට පෙර දින පොලිසියේ වාහන සියල්ල සෝදා පිරිසිදුකර එන්ජිමට oil spray කර ඉහල නිලධාරියා රැවටීම හා තවත් බොහෝ උදාහරණ දියහැකිය . මෙම විහිළු නවතා මහජනතාවගේ නිසි ගෞරවය පොලිසිය වෙත ලබාගැනීමට වගකිවයුත්තන් ක්‍රියාකිරීම ඉතේ වැදගත්ය .
විනය විරෝදී ක්‍රියාවකට වැඩ තහනම් කිරීම අවශ්‍ය නම් පළමුවෙන්ම වැඩ තහනම් කලයුත්තේ දේශබන්දු තෙන්නකෝන්... මේ පොඩ්ඩන්ට විතරයි නීතිය.. පළමුවෙන්ම ඒ සාජන්ගේ ප්‍රශ්න මොනවද මානසික මට්ටම කොහොමද කියලා බලන්න අවශ්‍යයි..තරු ඔටුනු ඉදිරියේ මිනිසුන් නිවට නියාලු විදියට අබරුණු යුගය දැන් අවසන් වෙමින් අභියෝග කරන යුගය පැමිණ ඇතිබව හැමෝම වටහාගතයුතුය
දැන් අපට යම් ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය. ඒ පොලිස් කොමිසමේ නව සභාපතිවරයා පත්කිරීම නිසා. අපරාධ තුරන් කිරීම සඳහා අධිකරණය සමඟ සම්බන්ධීකරණය කරන නිලයන් කවුදැයි ඔහු දනී. තවත් සහකාර පොලිස් අධිකාරීවරුන් සෘජුවම බඳවා ගැනීම දෙපාර්තමේන්තුවේ ඇති ලොකුම ගැටලුවයි. සීමාවක් නැත. OICC සහ HQII ඔවුන්ගේ මීළඟ උසස්වීම සඳහා පෙළඹවීමක් නැත. මේකට අනුබල දෙන හිටපු වැරදිකාරයා. පළපුරුදු නිලධාරියා දන්නවා නිලධාරීන් පරීක්ෂා කරන්නේ කොහොමද කියලා. පළමුව සෑම පහසුකමක්ම ලබා දී පසුව පරීක්ෂා කරන්න. දැන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පරීක්‍ෂණවලදී පොලිස් ස්ථානයේ අවශ්‍යතා සටහන් කරන්නේ නැහැ. ඊට හේතුව ඔවුන් වාර්තා කරන්නේ කෙසේද සහ ගත යුතු ක්‍රියාමාර්ග ගැන නොදන්නාකමයි. පොලිස් බැරැක්කවල සහ ස්ථාන වල තත්ත්වය බලන්න. ඔවුන් ප්‍රදේශයේ අපරාධ ප්‍රවණතා ඇගයීමට ලක් කර මිනිසුන්ට මඟ පෙන්වයි. නමුත් සමාජය නොදන්නා ඒවා දුම්රිය ස්ථානවල සටහන් නොකර අපරාධ මර්දනය කිරීමට ඔවුන් අනුබල දෙනවා. මේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිමින්ව නිසි ලෙස අධීක්ෂණය කරනවාද?
පොලිසි වල සිදුවන දේවල් කියන්න ලැජ්ජයි... පොලිසිවල OICට හිතවත් පිරිසක් සැම පොලිසියකම ඇත. ඔවුන්ට තමයි හැමවිටම වැටලිම් වලට යන්නේ. ඒ කියන්නේ ලාබ ප්‍රයෝජන දේවල් වලට සහභාගි වීම.. ඒ කට්ටියට විතරයි. අනික් අයට ඉතින් පාරවල් ගානේ රස්තියාදු වෙන්න.