
(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය මාර්ගගත ක්‍රමයට ලබාගෙන දින තුනකින් තැපෑලෙන් ගමන් බලපත්‍රය නිවසට යොමු කරන නව ක්‍රමයක් ලබන ජූනි මස ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා අද (18) පැවසීය.
දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 ක් හදුනාගෙන ඇඟිගි සළකුණු යන්ත්‍ර සවිකර නිලධාරීන් පුහුණු කිරීම මේ වන විටත් අවසන් කර ඇති බවත් ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් ඇඟලි සළකුණු දීලා මුදල් මාර්ගගත ක්‍රයට හෝ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකට ගෙවා අයදුම්කරුට නිවසට යා හැකි බවත් ඉලුක්පිටිය මහතා කීය.
විදේශ ගමන් බලපත්‍රය දින තුනක් තුළ තැපෑලෙන් නිවසට යොමු කිරීමට සැළසුම් කර ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස් පොට් පෝලීමේ සිට ලියමි, රට වැසියකු ලෙස මෙය ඉතාම අගය කරමි, කරුණාකර මෙම අදහසවත් කාර්යයක්ෂමව, දුෂණයෙන් තොරව ක්‍රියාවට නඟන්න - ස්තුතියි
දවල් හීනයක්ද මන්දා
මේ වගේ පහසු ක්‍රම සෑම ක්ශේෂ්ත්‍රයකම ඇතිකළ යුතුයි .ඉතිරිවන කාලයත් මුදලුත් තව වැඩකට යෙදීමෙන් යම් තාක් දුරට රටේ දියුණුවට මග පෑදීමක් විය හැක
ඉතාමත් වටිනාම දෙයක්. ඔබතුමන්ලාට ගොඩාක් ම පින්.
දැන් ඕකට ගාන කීයද ? යන්න කලින් ඒකත් දැනගන්න එපාය .
එහෙම වුණොත් ලෝක පුදුමයක්?