
(විමුක්ති එස් රුද්‍රිගු)
තමන් ඌබර්ට් එන්ජල් හෝ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් මුණ ගැසී ඇත්තේ එක් වතාවක් පමණක් බවත් ඔවුන් සමඟ කිසිඳු සම්බන්ධතාවයක් තමන්ට නොමැති බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
තමන් එක්වතාවක් ඔවුන් මුණ ගැසුනේ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලය නිල වශයෙන් කළ ඉල්ලීමක් නිසාවෙන් බව රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.
ඌබර්ට් එන්ජල් සහ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් සමඟ සම්බන්ධතාවයක් තිබෙන බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුද්ධාගම සහ අනෙකුත් ආගම් සම්බන්ධයෙන් සිදු කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශ තමන් හෙළා දකින බවත් ජාතීන් අතර අසමගිය හෝ වෛරය ඇතිවන ආකාරයේ ප්‍රකාශ වලට අප රටේ ඉඩක් නොමැති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.
තමන් අග්‍රාමාත්‍යවරයා සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ධුර දරන අවස්ථාවේදී දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලයෙන් නිල වශයෙන් හමුවක් ඉල්ලා ඉල්ලීමක් තමන්ට ලැබුණු බව රාජපක්ෂ මහතා පවසා ඇත.හොඳ හිත වර්ධනය කරගැනීමේ සහ මුණ දෙන ගැටළු සොයා බැලීමේ අරමුණින් තමන් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස එම අවස්ථාවේදී ආගමික නායකයන් සහ නියෝජිතයන් මුණ ගැසීමට ප්‍රමුඛත්වය ලබා දී තිබූ බවත් ඒ හේතුවෙන් එම ඉල්ලීම පිළිගත් බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
එය සුහද හමුවක් වූ අතර එහිදී දේවගැතිවරුන් දෙදෙනාම තමන් සහ බිරිඳ වෙනුවෙන් යාඥාවක් පැවැත්වූ බවත් එය නිල හමුවක් බැවින් ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කළ බවත් ඒ හැර තමන්ට ඔවුන් සමඟ පුද්ගලික සම්බන්ධයක් නොමැති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිරන්ති නෝනාගේ ආගම නේ ඉතින් .කොහොමත් සම්බන්ධ වෙන්න එපැයි
මෙයා කට ඇරියොත් කියන්නෙම ඇත්ත වෙන්ඩැ..සම්බන්ධකම් පවත්වන්නේ මිනිමරුවෝ පාතාලකාරයෝ ස්ත්‍ර්‍රි දූෂකයෝ මැරයෝ කුඩු කාරයෝ එක්ක කියලා දන්නෝ දනිති.ආසියාවේ ආශ්චර්යය පෙන්වනවා කියලා කරපු ලොකුම බොරුව හොන්දටම ඇති .
ඒ කියන්නේ කෙලින්ම දෙයියෝ එක්කද ඩීල් එක තියෙන්නේ ?
ගෙදරට ගෙන්නගෙන පවුල පිටින් එකට ඉඳලා පින්තූර අරන් තියෙන්නේ සම්බන්ධයක් නැති නිසානේ
මේ යකාට. දේවසේවය කරන මිනිසුන් පේන්න බැහැ. යාතිකාව පටන් ගන්නවා. ඔය තරම් බය නම් ඇයි රටේ පාලනය බාරගත්තෙ හොරකම් කරලා. ජනතාව දුක් ගින්දරේ තියලා. රටේ මුදල්. කොහෙවත් උඅන අයට පුජා කරනවා. හිතන් ඇති ජෝඩුවට සමාව ලැබෙයි කියලා. මක්කම විතරයි ගියේනැත්තෙ. ඒකත් එලිවෙයි ලගදිම. ඔයතරම් දෙවියන්ට කැමතිනම්. ජෝඩුවට තියෙන්නෙ. රටේ හොරා කාපු සේරම මුදල් දේපල නැවත. රට්ට බාර දීලා. මහන වෙන්න. පුදුමයි ඔය වදින වැදිල්ලට. මහන නොවෙන එක. දෙන්නාම. හැමදාම බාවනා කරන්න. කරපු හොර වැඩ සේරම මතක් කරලා පසු තැවෙන්න. හිත හදා ගන්න. නොදැනුවත් කමින් හොරා කෑවේ තමුන්ගෙ නුගත් කම නිසා කියලා. මේ සසර අපායෙන්. ඉක්මනින් අපාගත වෙන්න කියලා. බාවන කරන්න
මේ ඔක්කොම මයිනගෙ බයිල, මේ ලෝක හොර ජේරමයි ලෝක හොර ඌබටයයි ලෝකහොර ජරාපක්ෂ නඩෙයි එකට එකතුවෙලා සෑහෙන්ඩ රාජ්‍ය ධනය හොරාකාපු එකට මේ පින්තූර හොදම සාක්ෂි.
එක වරක් හමුවුනානම් ඒ ඇති
ඔන්න අපි හා කිව්වා.
ඉතාමත් පැහැදිලියි කියන කොට එහෙමට වුනත් මහ රජානෙණි මට වෙනු සමා කියලා රජුට සුදු හකුරු හදපු මිනිහත් කිව්වලුනේ
ඔයා බබා
මෙතුමා පවසන්නෙ සත්ය පමනක් බවට මා දිව් රා පොරොන්දු වෙමි.
නිල හමුවට නැන්දම්මයි ලේලි හැමෝම ගිහින් තියෙන්නේ
නිල හමුවක් නම් කොහොමද බිරිද මෙ හමුවට එකතු වෙන්නෙ? මොකක්ද එයට රජයෙ තිබුන තනතුර?
මිනිස්සුන්ට ඔයිට වඩා ප්‍රශ්න තියනවා . බොල් මාතෘකා ඉස්සරහට දාගෙන ආයිත් කරලියට එන්න නේද හදන්නේ. යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන්නා. ඒක විශිශ්ටයි . අනිත් දේවල් වලින් ප්‍රතික්ෂේප උනා. රට පාලනය කරන්න පුලුවන් ඔයාගේ පරම්පරාවේ කට්ටියට විතරක් කියලා මිනිස්සු හිතන්නේ නෑ.
මම සහතික කරලා කියනවා කිසිම ගැති කෙනෙක් එක්ක මම සම්බන්ධ නෑ. නිදහස් ස්වාධීන නීති ගරුක මිනිසුන් සමග පමණයි මගේ සියලු සම්බන්ධතා තියෙන්නේ.
මෙයා අගමැතිවෙලා ඉන්න කාලයේ දෙවැනි වරට ජනාධිපති ලෙස දිවුරුම් දෙන ෆොටෝ එකක් පසුබිමට ආවේ කොහොමද කියලා මම මේ කල්පනා කරන්නේ. නිල හමුවකට තමන්ගේ බිරිදයි තවත් අවුරුදු දහයකින් පහලොවකින් ලේලිය වෙන්න ඉන්න තරුණියක් අඬගහ ගත්තේ මොකටද කියලා හිටපු අගමැතිතුමා පැහැදිලි කෙරුවා නම් හොදයි.
හොරා
මේ වගේ පච වෙච්ච දේශපාලකයෙක් ලොවෙත් නැහැ .තම මිනිහට ඕක තේරුම් ගන්න බැහැනේ
නාකි තොත්ත බබා
ලංකාවේ ලොකුම අබෞද්ධයා තමයි.
අපි නොදන්නා මොනරතැන්න .උඹලාගේ පවුලේ එකෙකුට හරි පන්සිල් පද පහ පිලිවෙලින් කියන්න පුලුවන්ද කියලා කියපන්කො ඉස්සෙල්ලා ?උඹලට කොහොමත් බුද්ධාගම හරියන්නේ නෑ බන්
වෛරයෙන් වෛරයෙන් නොසන්සිඳේ
මහින්දගේ දේශපාලන භාවිතය සමග මගේ කිසිම එකඟතාවයක් නොවූවද, ඔහු අබෞද්ධ හෝ බෞද්ධ විරෝධී ක්‍රියාවක යෙදුණේය. යන්නට එකඟ නොවෙමි... දේශපාලන වෛරය සහ යුද්ධය දිනවීමේ වෛරය මුල් කරගෙන කරනු ලබන ප්‍රකාශ ලෙස හුවා දක්වමි...
අපරාදෙ, ෆොටෝ එක නොතිබ්බා නම් දැකලාවත් නෑ කියලා කියන්න තිබුණානේ... මහින්ද මහත්තයා...?
කමෙන්ට් වලින් පේනවා මිනිස්සු කොපමණ ආත්මාර්ථකාමී දේශපාලන වහලුන්ද කියලා. මේ වගේ අය තමයි ඔලුව අවුල් කරගෙන සියදිවි නසාගන්නේ... මානසික ලෙඩ්ඩු වෙන්නේ, අකුණු වදින්නේ... මේ තරම් රටට සේවයක් කරපු කෙනාට කතා කරන කැත... මේ වගේ අයගේ පවුල් පසුබිම ගැන හිතාගන්න පුළුවන්... ලපයගේ වහල්ලුද කොහේදෝ...
මේ අයට දේවගැති පිහිට ඕන නෑ... හැබැයි දුසිල්වත් හොර චීවරධාරීන්ගේ පිහිට ඕනෑ...
මේ කමෙන්ට්ස් දාපු 99%ක්ම අපත ජෙප්පන්... මොවුන්ට ආගමක්, දහමක් නෑ. තනිකරම බොරුවෙන් ජීවත් වෙන්නේ. මෙහෙ ඉන්න කාලකණ්ණි පාන් කකා පත්තර විකුණනවා. ලපයා ඇතුළු කාලකණ්ණි සුර සැප විඳිනවා. මොවුන්ට හැම දෙයක්ම නොමිලේ ලැබෙන්නේ...
එක දවසේ මෙයයි, බිරිඳයි ඇඳුම් වෙනස් කරලා පින්තූර වලට ඉන්න ඇති. ආගම් පස්සේ යන්නේ වාසියට.... නැත්නම් කොහොමද ලංකාවේම තනි පොහොසතා වෙන්නේ...?