
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
බුද්ධාගම ඇතුළු අනෙකුත් ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කළා යැයි පවසන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු වහාම අත් අඩංගුවට ගෙන විමර්ශන පවත්වා ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු ආගමික නායකයන් සය දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
ඇල්ලේ ගුණවංශ හිමි. බෙංගමුවේ නාලක හිමි, මවුලවි හසන් මොහොමඩ්, ස්වාමි රාමනාදන් කුරක්කල් ෂරිමා සහ ෂිහාන් කුරේ පියතුමා ඇතුළු සය දෙනකු විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් නියෝජ්‍ය පොලිස්පති (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව), පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නීතිඥ අසෝකා නිවුන්හැල්ල මහත්මිය විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ මෙසේද සඳහන් වේ.
බුදුන් වහන්සේට සහ බුදු දහමට මෙන්ම වෙනත් ආගම් කිහිපයකට අපහාස වන අයුරින් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කිහිපයක් සිදු කර ඇත. මෙම ප්‍රකාශ වලට විරෝධය පා විවිධ ආගමික නායකයන් සිය විරෝධය එල්ල කර තිබේ. මෙම ප්‍රකාශ හේතුවෙන් ජාතීන් අතර භේදයක් ඇති වී ජාතික සංහිඳතාවය නැතිවේ. ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අත් අඩංගුවට ගෙන මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදු කළ යුතු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේම ජනතාව මුහුණ දිලා තියෙන බරපතළම ප්‍රස්නේ ඕක වෙන්ඩැති .ඉස්සරහට චන්දයක්වත් එනවද ? දැන්ම තියාම සූදානම් වෙන්ඩ වගේ හදන්නේ?
අපේ රටේ ඔය"පාස්ටර්" කියාගන්නා පුද්ගලයින් ඉන්නේ ජෙරොම් ප්‍රනාන්දු විතරක් නෙවේ. තවා බොහෝ දෙනා ඔය වැඩේ නිහඬව කරගෙන යති. ඒ සියලුම දෙනා දක්ෂ කථිකයෝ වෙති. මෙලෙස රට පුරා විසිරී ඉන්නා මේ සියලුම දෙනා අනික් ආගම් ගැන නොකියන දෙයක් නැත. හැබැයි බොහෝ විට මේ කට්ටිය කිසිදෙයක් ජෙරොම් ප්‍රනාන්දු වගේ ප්‍රසිද්ධියේ කියන්නේ නැත.ආර්ථික අමාරු ඇති ලොකු පවුලක් අල්ලගෙන මොනවා හරි බයිලාවක් ගසන ඔවුන් ප්‍රශ්නයෙන් බේරෙන්න ඇති එකම ක්‍රමය ඔවුන් සමග එක්වී යාඥා කිරීම බව කියති. මේ ගැටේට ලේසියෙන් අසුවන අහිංසකයෝ අපමනකි. පුදුමය කියන්නේ මේ කිසිකෙනෙක් මුස්ලිම් ආගමික අයට මේ කතා කියන බවක් පෙනෙන්නට නැති එකයි. ඒ ඉස්ලාම් භක්තිකයින් ළඟ බොහෝ විට තම ආගම මාරු කිරීමේ ප්‍රවනතාවයක් නැතිනිසා විය යුතුය. විටින් විට කරලියට එන ජෙරොම් ප්‍රනාන්දු වැන්නවුන් ගැන පමණක් කතා කරනු වෙනුවට මේ ජාතියේ අනෙක් "පාස්ටර්" වරුන් ගැනත් කතා බහක් ඇතිකලොත් ඇත්ත තත්වය එළිකර ගන්නට හැකිවෙනවා ඇති.
බෞද්ධයෙක් වූ මට ආගම එපා වුනේ සමහර සන්ගයාගේ ජරා වැඩ නිසා මිසක් ජෙරෝම් නිසා නොවෙයි
හාල්මැස්සන් කිලෝව රුපියල් 1000යි. පොල් ගෙඩිය 110යි. පලා මිටිය 80යි. බුලත් විටේ 60යි.
ඇල්ලේ ගුණවන්සට අනුන්ගේ වැරදි පේනවා. චීවරය දාගත්තු උන් කරන කියන දේවල් හැසිරෙන හැටි පේන්නේ නැතුවා. උන්ගේ වැඩ නිසා අපිට පන්සලකටවත් යන්ඩ හිතෙන්නේ නැහැ .