(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය නැවත ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (18) ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඒ සදහා අවසර ලබා දෙන ලෙසත් පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගෙන් එලෙස ඉල්ලා තිබිණ.
ඒ අනුව, පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද කැඳවා නියෝගයක් කිරීම සඳහා නඩුව කැඳවිමට අධිකරණය දින නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරිලා වත් පොලවට පස් වෙන්න නිදහසක් නෑ. මේ පරීක්ෂණ සියල්ල අවසන් කරලා භූමදානය කරන්න තිබුන. මුලදී ට්‍රයි කලේ මේක සියදිවි හානි කරගැනීමක් කියල යට ගහන්න. දැන් පත්තු වෙයි වගේ. සත්‍ය හෙළි වේවා. වහන්න ගිය අයගේ නිල ඇඳුම් ගැලවේවා.