
(ඉන්දිකා රාමනායක)
ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු මුහුදු සීමාවේ දී රුපියල් කෝටි 200 ට ආසන්න වටිනා හොරොයින් සහ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ ධීවරයන් හය හයදෙනා අද (18) පස්වරුවේ කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව කියයි.
ශ්‍රි ලංකාවට දකුණ දෙසින් වු කිලෝ මීටර් 760 ක දුරින් වු මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවය හා නාවික හමුදාව එක්ව ඉකුත් 12 දින මෙම මෙහෙයුම සිදුකර සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මෙහෙයුමේ දී හොරොයින් කිලෝ 99 ක හා හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 8 ක ප්‍රමාණයක් තිබු බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
හොරොයින් සමග අත්අඩංගුවට ගත් යාත්‍රාව හලාවත ප්‍රදේශයේ යාත්‍රාවක් බවත්, එහි සිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් බව බවද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු අල්ලන ප්‍රවෘත්ති නම් ඕන තරම්. දඩුවම් කල බවට කවදාවත් අහල නෑ. ඕව ආපහු කුඩ්ඩන්ටම යනව කිලයි ආරංචි.
කුඩු අල්ලනවානම් අහලා දැකලා තියනවා .නමුත් ඒවාට උනේ මොකද කරන්නේ මොකද කියලා දැකලා නැහැ .අපිට තියන ප්‍රශ්නේ මොකද්ද ඒවාට වෙන්නේ කියන එකයි
කුඩු කියන්නේ සල්ලී ? අල්ලන ඒවා බහිරවයා ගිලිනව ඇති .චන්දෙ කාලෙට දූෂිත දේසපාලුවන්ට කුඩු මුදලාලිලා අතපය දිග හැරලා වියදම් කෙරුවා .දේසපාලුවන්ගේ සහ පොලිස් ලොක්කන්ගේ සහයත් ජාවාරම් කාරයන්ට ලැබෙනවා ?
දීර්ඝ නඩු විභාගයකින් පසු නිදොස් කොට නිදහස් කරන ලදි
කුඩු අල්ලුවතරමට නිසි දඩුවම් දුන්නා නමි මේ වන විට ලංකාවේ කුඩු බිස්නස් නැත්තටම නැති වෙන්න ඔිනි. නිකන් පුවත් දාල ජනතාව ගොනාට අන්දන්න එපා.
අපරාදෙ නේවි එකේ මහන්සිය