(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි සිදුකළ විශේෂ මෙහෙයුමේ දී කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 84 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය මහතා පැවසීය.
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 19 දෙනකු ඒ අතර වන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
එම සැකකරුවන් සමඟ විවිධ මත්ද්‍රව්‍ය, තියුණු ආයුධ මෙරට නිෂ්පාදිත ගිනි අවි, ටී 56 ජීව උන්ඩ යුදහමුදා නිල ඇඳුම්, පොලිස් භාරයට ගෙන ඇත.
ඇල්පිටිය ගාල්ල මාතර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 650 ක් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 253 ක් යුදහමුදා නිලධාරීන් 252 ක් හා නාවික හමුදා නිලධාරීන් 95 කු මෙහෙයුම සහභාගි විය.
එම දිස්ත්‍රික්ක තුන ආවරණය වන පරිදි මාර්ග බාධක 58 ක් යතුරු පැදි සංචාර 24 ක් ජංගම සංචාර 25 ක් යෙදවූ බවත් නිවාස 186 ක් වාහන 1080 මෙන්ම පුද්ගලයන් 2436 පරීක්ෂාවට ලක් කළ බව ද මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම් කෙනෙක් හැරමිට්ටෙන් යද්දීත් රජකරන්න දකුණේ අපේ මිනිස්සු උත්සාහ කරන්නෙ ඕවා නිසා තමයි අපේ හාමුදුරුවනේ
මුළු ලංකාවම ආවරනය වන පරිදි අනෙකුත් ප්‍රදේශවලත් මෙවැනි මෙහෙයුම් කඩින් කඩ මෙහෙයුවොත් අපරාද බොහෝ දුරට වලක්වාගන්ට පුලුවන් වගේම අපරාදකරුවන් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගන්ටත් හැකි වෙවි.