
(සුරංග රාජනායක)
කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක් එල්ල කළ වෙඩි පහරකින් ගම්පොළ පන්විලතැන්න නිවසක සිටි පාසල් සිසුවකු වෙඩිවැදී ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි වැදී නිවසේ සිටි රොට්වයලර් වර්ගයේ සුනඛයකු මිය ගොස් ඇති අතර නිවසේ වහලය ඇතුළු ස්ථාන කිහිපයක වෙඩි පහරවල් දක්නට තිබේ.
ගම්පොල කොට්ඨාස බාර වැඩබලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අද 21 අලුයම 5.40 පහට මෙම නිවස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
මෙහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනකු රෝහල් ගත කර තිබේ. ඔවුන් බල්ලාගේ සපාකෑමට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම නිවසේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සුනඛයා සපා කෑම නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. කිසිදු සැකකටයුතු දෙයක් සොයාගෙන නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට 50%ක් ශුවර් ඔය වෙඩි තිබ්බේ දේශපාලන පත්වීම් ගත්තු අය කියලා...