
(සුරංග රාජනායක)
කසිප්පු වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක් එල්ල කළ වෙඩි පහරකින් ගම්පොළ පන්විලතැන්න නිවසක සිටි පාසල් සිසුවකු වෙඩිවැදී ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි වැදී නිවසේ සිටි රොට්වයලර් වර්ගයේ සුනඛයකු මිය ගොස් ඇති අතර නිවසේ වහලය ඇතුළු ස්ථාන කිහිපයක වෙඩි පහරවල් දක්නට තිබේ.
ගම්පොල කොට්ඨාස බාර වැඩබලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අද 21 අලුයම 5.40 පහට මෙම නිවස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.
මෙහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනකු රෝහල් ගත කර තිබේ. ඔවුන් බල්ලාගේ සපාකෑමට ලක්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම නිවසේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී සුනඛයා සපා කෑම නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි. කිසිදු සැකකටයුතු දෙයක් සොයාගෙන නැත.

2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2213
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1667
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කසිප්පු හොයන්න ගිහින් වෙඩි තියලා:සිසුවෙක්ට තුවාල
සාර්කැස්ටික් Monday, 22 May 2023 07:17 AM
මට 50%ක් ශුවර් ඔය වෙඩි තිබ්බේ දේශපාලන පත්වීම් ගත්තු අය කියලා...