මෙරට වෛද්‍ය සිසුවා බෙලරුසියාවේදී මරුට බෙලරුසියාවේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවකු එහි ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමරයක් තුළ අබිරහස් ලෙස මියගොස් සිටිය දී ඉකුත් සෙනසුරාදා (29) සිරුර සොයා ගෙන ඇත. 01 May 2023
අධිවේගී මඟේ ගබඩාව කඩන්න ආ පිරිසකට වෙඩි කොළඹ වරාය හරහා දිවෙන අධිවේගී මාර්ගයේ වටිනා බඩු බඩුබාහිරාදිය ගබඩා කර තිබෙන භූමියට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් එහි වටිනා බඩු සොරා ගෙන යෑමට උත්සාහ කළ අවස්ථාවේ වරාය ආරක්ෂක නිලධාරීන් කළ වෙඩි තැබීමකින් 4 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වෙරළබඩ පොලිසිය පවසයි. 01 May 2023
ව්‍යාජ ඉන්දියානු ඊ-වීසා වෙබ් අඩවි ගැන දැනුම්දීමක් ව්‍යාජ සහ වංචනික වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා පිරිනමමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බවත් ඒ හේතුවෙන් ඉන්දියානු ඊ-වීසා ගැනීම සඳහා එම ව්‍යාජ අඩවි භාවිතා නොකරන ලෙස අයදුම්කරුවන්ට දැනුම් දෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. 01 May 2023
ජවිපෙ මැයි දින රැළියෙන් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ කම්කරු දින රැළිය එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිටදී අද සවස පැවැත්විණි. 01 May 2023
වැලි ලොරියට වෙඩි තබා අල්ලයි පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ ඇඟට කපා පලා යාමට උත්සහ කළ බව කියන වැලි ටිපර් රථයකට වෙඩි තබා එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 01 May 2023
උත්තර ලංකා සභාගයේ මැයි රැළිය උත්තර ලංකා සභාගයේ පළමු මැයි රැළිය එහි ජාතික සංවිධායක ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ්පාර්ක පිටියේදී අද පස්වරුවේ පැවැත්විණි. 01 May 2023
‘‘අපි නැතිව කාටවත් ආණ්ඩු හදන්න බෑ‘‘ 69 ලක්ෂයක් ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් පත් කළ රජයකට ජනතාවගේ අපෙක්ෂාවක් ඉටු කිරීමට නොහැකිව රජයට රට කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී රට විශාල අගාධයකට අද වැටී ඇතැයි හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 01 May 2023
වඩිවෙල් සුරේෂ්ගෙන් සජිත්ට තර්ජනයක් සජිත් ප්‍රේමදාස ගැන මම කියන්නම් .වතුකරයේ ජනතාවගේ මඩොල්සිම රැස්වීමට ආවේ නැහැ. අපිව සිල්ලරට ගනන් ගන්න එපා. ඔබතුමත් සමග ඉන්න ඕන නම් වහාම මඩොල්සිමට එන්න ඇවිත් මගේ ජනතාව ඉස්සරහ සමාව ඉල්ලන්න. නැතිනම් වඩිවේල් සුරේෂ් නැහැ යැයි සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා ජාතික වතුකම්කරු සංගමයේ නායක වඩිවේල් සුරේෂ් මහතා බදුල්ලේදි පැවසීය. 01 May 2023
මැංගුස් සටන යුද්දයකින් අවසන් කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර පැවැති මැංගුස් සටන අවසානයේදී ඇතිවූ ගැටුමකින් ක්‍රිකට් පිති ප්‍රහාරයට ලක්වූ කළුතර තිස්ස විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පයාගල පොලිසිය කියයි. 01 May 2023
විදුලිය කෝටි 367ක දීමනා හොර පාරෙන් ගෙවලා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් සඳහා විවිධ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367 ක මුදලක් 2020 සහ 21 වර්ෂවලදී අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 May 2023
පොහොට්ටුවේ මැයි රැලිය ඇරැඹෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ’අභියෝග බිද අභිලාෂ ජයගමු’ යන තේමාව යටතේ බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වන මැයි දින රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේදී සම්ප්‍රාප්ත විය. 01 May 2023
පාලවියේදී දුම්රියක් ගිනි ගනී පුත්තලම පාලවියෙ සිට අරුවක්කාළු හුණුගල් කොරිය වෙත හුණුගල් ප්‍රවාහනයට යමින් තිබු දුම්රියක ඇන්ජීම හදිසියෙ ගිනි ගැනිමට ලක් විමේන් පසු එම දුම්රිය පුත්තලම කුරුණෑගල මාර්ගය වැසියන ලෙස නැවති විනාඩි 30 කට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති ගිය බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 01 May 2023
’’වැඩ කරන මිනිස්සු උද්ඝෝෂණ වලට හිර කළේ නෑ’’ වැඩකරන ජනතාව උද්ඝෝෂණ වලට හිර කළේ නැති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 01 May 2023
කම්කරුවාට නැති දේශපාලකයාට ඇති මැයි දිනය කම්කරුවන් වෙනුවෙන් දිනයක් වෙන් කර තිබුණද අද වන විට එය කම්කරුවා වෙනුවෙන් නොමැති බව දඹුල්ල ප්‍රදේශයේ කළ සංචාරයකදී අපට දැක ගත හැකි විය. 01 May 2023
දෙදරු පියා කපා කොටා මරලා නොරෝච්චෝල දළුව නිර්මලපුර ප්‍රදේශයෙ දී දෙදරු පියකු අමානුෂික ලෙස ලි මුගුරු හා යකඩ පොලුවලින් පහර දී තියුණු ආයුධවලින් කපා මරා දමා ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි. 01 May 2023
සජබ මැයි පෙළපාලිය ගමන් අරඹයි “වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” යන තේමාවෙන් සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. 01 May 2023
සැමියා බිරියට පෙට්‍රල් හලා ගිනි තියලා පවුල් ආරවුලක් බිරිඳගේ සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබා ඝාතනය කළේ යැයි කියන සැමියාද පිලිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. 01 May 2023
යුද-නාවික සෙබළු ලක්ෂ 50ක ගංජා සමග මාට්ටු මහනුවර-යාපනය ඒ-9 මාර්ගයේ පුනෑව ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා සිදු කළ මෙහෙයුමකදී ලක්ෂ 50කට අධික කේරල ගංජා සමග යුද හමුදා සෙබළකු සහ නාවික හමුදා සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පූනෑව පොලිසිය පවසයි. 01 May 2023
කියුබාවේ මැයි දිනේ අවලංගු කරයි කියුබාව කම්කරු දිනය වෙනුවනේ සෑම වසරකම පවත්වනු ලබන සාම්ප්‍රදායික මැයි දින පෙළපාලිය මෙවර අවලංගු කිරීමට එරට කොම්යුනිස්ට් රජය කටයුතු කරන ලදි. කියුබාවේ පවතින ඉන්ධන හිඟය එයට හේතු විය. 01 May 2023
සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී අලුත් ගමනක් යමු සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය. 01 May 2023
ටෝකියෝ විද්‍යාලයෙන් ජැක් මාට ආරාධනයක් ටෝකියෝ විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු ලෙස සේවය කිරීමට අලි බබා නිර්මාතෘ ජැක් මා හට ටෝකියෝ විශ්ව විද්‍යාලය ආරාධනා කර තිබේ. 01 May 2023
අතට වැඩබලන සභාපතිවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පත්කර තිබේ. 01 May 2023
ආදායම් බදු දෙපාර්තමේන්තුවේ සීමාව පනියි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පළමු කාර්තුවේදී ඉලක්කගත බදු ආදායම ඉක්මවා ආදායම් උපයා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. 01 May 2023
ගෑස් මිල තව දින කීපයකින් පහළට? තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසීය. 01 May 2023
ජී.ආර්. පෙරේරා දිවි මඩලට සමුදෙයි ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අද (1) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 01 May 2023
ඉන්ධන සහනය බස් හිමියාට පමණයි: මගියාට නෑ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු වුවද පොදු ප්‍රවාහන බස් ගාස්තු අඩු නොවන බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල සියයට 4 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවත් ජාතික ගමනා ගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 May 2023
ත්‍රීවිල්වලින් මගියාට සහනයක් නෑ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් අඩු කළ ද ත්‍රීරෝද රථ ගාස්තු අඩු කළ නොහැකි බව ත්‍රීරෝද රථ වෘත්තිය සමිති පවසයි. 01 May 2023
අයි.ඕ.සී. ඉන්ධන මිලත් අඩු කරයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට මිල අඩු කළ ඉන්ධන වර්ගවල මිල ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද අඩු කළ බව එම සමාගම පවසයි. 01 May 2023
හොරොව්පොතාන අනතුරින් දෙකක් මරුට හොරොව්පොතාන ප්‍රදේශයේදී වූ මෝටර් රථ අනතුරකින් යුදහමුදා සෙබළකු ඇතුළු දෙදෙනකු මියගොස් රථයේ රියදුරා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 01 May 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026