
(අංජුල මහික වීරරත්න)
ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුවන අනවශ්‍ය අතපෙවීම් වලක්වා ගැනීමටත්, නීතිවිරෝධී ක්‍රියා නතර කිරීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශය මේ සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කමිටුවක් පත් කර ඇති බව හෙතෙම පැවසීය.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා එම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය කාලය පුරාම නීතිවිරෝධී ක්‍රියාකාරකම් වල නිරත වූ විදේශ රැකියා ආයතන විශාල ප්‍රමාණයක් තහනම් කළ බවයි.
රජයට මාධ්‍ය පාලනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද විකාශන අධිකාරී පනතේ මුඛ්‍ය පරමාර්ථ පහක් හෝ හයක් තිබෙන අතර එහි පළමුවෙන්ම තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි භාෂණයේ නිදහස ආරක්ෂා කිරීමයැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාෂණ නිදහස රකින්නේ කොහොමද කියන එක පනත කියකංඅ ඕනෑම මොලේ ඇති කෙනෙකුට තේරෙනවා
උබලාගේ දේශපාලනේ ඩිජිටල් කරගන්න. දියවන්නාවේ හෝටලයක් සදන්න. රටට ලොකු සෙතක් වෙයි. ස්තූති .