(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහා පරිමාණ වංචා දූෂණ කොට විදෙස් බැංකුවල හංගා තිබෙන මුදල් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් දූෂණ විරෝධය පනතේ නැතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මහාචාර්ය ජී .එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහා පරිමාණයේ වංචාවක් දූෂණයක් කෙරුණු අවස්ථාවක ඒ මුදල ආයෝජනය කරන්නේ විදේශ බැංකුවල බවද එම මුදල් නැවත රටට ලබාගැනීම ප්‍රමුඛතම අවශ්‍යතාවය බවද පීරිස් මහතා කීය.
එය ලංකාවට හුදෙකලාව කරන්න නොහැකි බව ද ජාත්‍යන්තර ආයතන සමග ඒ සඳහා අත්වැල් බැඳගත යුතු බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
සොරකම් කරන ලද මුදල් නැවත ලබා ගැනීම සඳහා ලෝක බැංකුවට අනුබද්ධිතව ස්ටාර් නම් ආයතනය ස්ථාපිත කර තිබෙන අතර දූෂණ වංචා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්මුතියට ද ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන බව මන්ත්‍රීවරයා කීය.
අවාසනාවකට දූෂණ විරෝධී පනතේ ශ්‍රී ලංකාව අදාළ ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ කෙරෙන දම්වැලක් නැතැයි ද පනතට අවශ්‍ය හයිය ලබා දෙන්නට නම් ජාත්‍යන්තර ආයතන වල සහය ලබා ගන්නා විධිවිධාන එකතු කළ යුතු බව ද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඒකාබද්ධ විපක්ෂයම කිසියම් කතිකාවතක් ඇති කරගෙන රටෙන් හොරකම් කරගත් මුදල් නැවත පවරා ගැනීමට කටයුතු කිරීම නේද වඩා හොඳ. ඔබතුමාලාත් යම් ප්‍රමාණයකට හෝ මේ හොර තක්කඩින්ගේ වැඩ ගැන ඒ දිනවල මුනිවත රැක්කා.දැන් පීල්ල මාරුවුණ ගමන් වැරැද්දේ බරපතල කම වැටහෙනවා.ඒත් දැන් හෝ රට වෙනුවෙන් කළයුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට සිතාගන්න.
පව්. සමහර නායකයින් ඉතා සූක්ෂම ලෙස ජනතාව ගොනාට අන්දලා හොරකන් කරපු මුදල් නැවත ගන්න එපා. ඒ ඔවුන්ගේ හැකියාව. මේ මහජනතාවගේ ගොන්කම...
ඔය මුදල් රට පැන්නෙත් ඔයා ආණ්ඩු පක්ෂයේ නියෝජන කරන විට මිස ඔයා විපක්ෂයේ අසුන් ගත්තෙන් පසුව නොවේ. මෙයා ජනතාව ගොනාට අන්දනවා. රාජපක්ෂල කරපු හැම හොරකම්, වංචා, දූෂණ, අපරාධ සේරම කලේ මෙයා නොයෝජන කරපු ආණ්ඩුවේදී. එදා උපරිම හොරුන් වෙනුවෙන් මාද්‍ය ඉදිරියේ පැණී සිටියා. රාජපක්ෂලාගේ කුණු සෝදන්න එදා උපරිම කටයුතු කළා. මෙයාගේ මාහාචාර්ය නාමයෙන් රටට කිසිම වටිනාකමකුත් නැහැ. මෙයාව ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නවත් වටින්න නැහැ.
එකට ඉන්න කම් හොරකම දැක්කම අහක බලාගෙන ඉඳලා, දැන් වැල් බයිලා කියනවා. හොරු විසින් හසුරුවන පාර්ලිමේන්තුවක පනත් මගින් හොරකම නැවත් විය නොහැක. මේ මජර දේශපාලන සංස්කෘතිය රටින් තුරන් කරන තුරු, මේ රට වල පල්ලට යාම නැවැත්විය නොහැක.
දූෂිත පවුල් පාලන ආණ්ඩුව බලයේ ඉන්න කාලේ හැම දේටම කට පියාගෙන හිටියා. දැනුයි මොලේ පෑදිලා තියෙන්නේ ?
ලොක්කො මුදල් රට පන්නන්න කොට ඔහෙත් ඒ පැත්තේ හිටියා නේද? එහෙනම් විස්තර ඇතුව කියන්න පුළුවන් නේද? මොකෝ නිකන් බාගෙට කථා? ලොක්කො මුදල් රට පැන්නුව කියන එක ඔහෙලගෙ ජෙප්පන් ගෙ සටන් පාඨයක් පමණයි. ඒකයි ඔප්පු කරන්නත් බැරුව දුෂණ පනතට ඇතුලත් කර ගන්න බැරුව ඉන්නේ. දැන් අවුරුදු කීයක් ඕක කියවනවාද? අඩුම ගන්නේ ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ ප්ලේන් තිබෙන තැනවත් කියන්නකො. මෝඩයෝ හුරේ දානවා.
රටින් මුදල් පන්නන්න අවරුදු ගණන් උදව් උපකාර කරලා, ලැජ්ජා නැතිව දැන් කතා කරනවනේ . මෙහෙමත් රටක් .