
(ටී.කේ.ජී.කපිල)
ෂීෂෙල්ස් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් මංගල ගුවන් යානය එරට වික්ටෝරියා ගුවන් තොටුපොළේ සිට අද අලුයම කටුනායක ගුවන් තොටුපොළට ළඟාවිය .
මෙම ගුවන් ගමන සදහා එයා බස් ඒ.320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි .
එයා ෂීෂෙල්ස් ගුවන් සේවයට අයත් එස්.ඊ.වයි.- 262 දරන මෙම ගුවන් යානය අද අලුයම 04.00 ට ෂීෂෙල්ස් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් මගීන් 110 දෙනෙක් සමග කාර්යය මණ්ඩලය 06 දෙනෙක් ද පැමිණ සිටියහ .
ඔවුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සූදානම් කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් පාලනයේ මුදල් ආයෝජනය කර තියෙනා එක් රටක් මෙය බවට පසුගිය කාලේ මහා ආන්දෝලනයක් තිබුණා.ඒත් ඒවා ගැන වගකිවයුතු කිසිවෙකු පරීක්ෂණ කළේ නැහැ.මේ ගුවන් යානා අපේ රටෙන් හොරකම් කල මුදලින් කව්රු හෝ අරන් දමපුවා වෙන්නට පුළුවන් නේද කියලා මට විතරද හිතෙන්නේ.අනේ මන්දා .. රටක් බංකොලොත් කරලාත් ඒ හොරුන් සතුටින් සුවෙන් ගත කරනවා.රටවැසියා දුකෙන් හා පීඩනයෙන් .. ඔවුන්ට නම් නීතිය බොහෝ වේගයෙන් තදින් ක්‍රියාත්මක වෙනවා.
ඇත්තටම ඔය රටට අපේ තියෙන සම්බන්ධය මොකක්ද? මුදල් විශුද්ධිකරනය කරන ප්‍රසිද්ධම රටක්... ඒකද වැදගත්කම?
කොහෙන් හරි ගුවන් යානයක් පැමිණියොත් මල් කළඹක් අරන් දුවගෙන යනවා පිළිගන්න... මොකද මේ නාඩගම...
සංචාරක ව්‍යාපාර දියුණු කරන්න යනකොට, ගම් කබරස්ලා අකුල් හෙලනවා. හොරු අල්ලන්නත් බෑ.., හොරාගත්තු මුදල් හොයන්නත් බෑ... ණය අය කරගන්නත් බෑ. ඉතින් ගුවන් යානේ කාගේ වුණාම මොකද?