රට ගිය අයගේ උදව් ගන්න අලුත් ආයතනයක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලය (Office of the Overseas) නමින් ආයතනයක් ස්ථාපිත කිරීමේ කටයුතු දෙසැම්බර් මස වන විට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන ඇත. 19 November 2022
මරුවා යතුරු පැදියෙන් එයි කළුතර බණ්ඩාරගම මාර්ගයේ ගෝනදූව ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් ගැටී සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි. 19 November 2022
ලංකාව දකුණු අප්‍රිකාවෙන් ඉගෙන ගන්න යයි “සත්‍ය සහ සංහිදියා කාර්යාලය” යළිත් ස්ථාපනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදීමට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇත. 19 November 2022
ධනුෂ්කගේ ඇප මුදල දුන් ලාංකික කත කවුද? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට නියම කළ ඕස්ට්‍රේලියානු ඩොලර් 150000ක ඇප මුදල ලබා දී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් බවත් එම කාන්තාවට ධනුෂ්ක ගුණතිලක සමග තිබෙන සම්බන්ධය කුමක්දැයි තවමත් හෙළිවී නොමැති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 18 November 2022
ඉන්දියන් සයුරේ පතුල සෙලවේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා බෙන්ග්කුලු ආසන්න ඉන්දියානු සාගරයේ සිදුව ඇති භූ කම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර් ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. 18 November 2022
’’ස්වභාව ධර්මය සඳහා වූ ණය’’ ගන්න එක්සත් ජාතීන් සමඟ සාකච්ඡා දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ’’ස්වභාව ධර්මය සඳහා වූ ණය’’ සංකල්පය යටතේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අනෙකුත් ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 18 November 2022
ජනපති අටමස්ථානාධිපති නා හිමි බැහැ දකී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනව අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. 18 November 2022
බස්නාහිර ප්‍රශ්න පත්‍ර ගැන සී.අයි.ඩී.ය පරීක්ෂණක් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) පරීක්ෂණයක් ආරම්භ කළ බව උසස් පොලිස් නිලධාරියෙක් අද (18) පස්වරුවේ පැවසීය. 18 November 2022
අන්තරේ පා ගමන වැලිකඩ බන්ධනාගාරය අසලින් අවසන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා සිවිල් සංවිධාන එක්ව කොළඹ නගරයේ දී අද (18) දැවැන්ත විරෝධතා පා ගමන් දෙකක් පැවැත්වූ අතර, වැලිකඩ බන්ධනාගාරය දක්වා පැමිණි පිරිස ඉන් අනතුරුව විසිර ගියහ. 18 November 2022
ෆොන්සේකා වසන්ත බලන්න යයි සමඟි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මහතා බැලීම සඳහා බොරැල්ල නව මැගසීන් බන්ධනාගාරයට අද පැමිණියේය. 18 November 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැයයි එළඹෙන සති අන්තයේ (19 සහ 20) පැයක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (21) පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (18) පස්වරුවේ පැවසීය. 18 November 2022
අන්තරේ බොරැල්ලෙන් ඇරඹූ පා ගමනට නෙළුම් පොකුණ අසලදී කඳුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස හා ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලා බොරැල්ල කනත්ත වටරවුමේ සිට තවත් පා ගමනක් ආරම්භ වූ අතර, එයට ද කොළඹ නෙළුම් පොකුණ අසල දී පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල විය. 18 November 2022
සයුරේ දැවැන්තයෙක් කොළඹ වරායේ නැන්ගුරම්ලායි ‘කොවිඩ් 19’ වසංගතයෙන් පසුව ශ්‍රී ලංකාවට ළගාවූ සංචාරකයන් රැගත් විශාලතම නෞකාව වන ‘වයිකින් මාස්’ නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. 18 November 2022
මෙරට සැබෑ උද්ධමනය සියයට 115යි - ස්ටීව් හැන්කේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය පිළිබඳ ඉදිරිපත් කර ඇති දත්ත වාර්තා සම්පූර්ණ ප්‍රබන්ධයක් බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පවසයි. 18 November 2022
සරසවි උපාධි ගැන සොයන්න මණ්ඩලයක් විශ්ව විද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය තහවුරු කිරීමට මණ්ඩලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ. 18 November 2022
ශෂී වීරවංශගේ නඩුවට දින දෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය සම්බන්ධ දෙවැනි නඩුවේ විභාගය ලබන පෙබරවාරි මස 24 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (18) නියෝග කළේය. 18 November 2022
රට සංවර්ධනය වෙනකොට ජනපතිට 99යි මට 97යි රට සංවර්ධන වනවා යැයි කියන 2048 වන විට ජනාධිපතිතුමාට අවුරුදු අනූ නවයක් වන අතර තමාට අවුරුදු අනු හතක් වන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 18 November 2022
’’ඔබ තුමාලගෙ අය රෑට රෑට මගේ ළඟ’’ ඔබ තුමාලගේ සමහර අය මම රෑට රෑට හම්බ වෙනවා’’ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සමගි ජන බලවේගයේ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අමතමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2022
පොහොට්ටු ප්‍රා මන්ත්‍රී කුඩු එක්ක මාට්ටු හෙරෝයින් ජාවාරමේ යෙදුණු බව කියන උකුවෙල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයකු ඇතුලු කාන්තාවන් දෙදෙනකු මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේදි සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය කියයි. 18 November 2022
අයවැයෙන් මහාමාර්ගවලට සල්ලි වෙන්කිරීම මවාපෑමක්ද මෙවර අයවැයෙන් මහා මාර්ග වලට මිලියන පන්දාහක් වෙන්කර ඇත්තේ මවාපෑමකට දැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) ප්‍රශ්න කළේය. 18 November 2022
අන්තරේ පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ආරම්භ කළ පා ගමනට අග්‍රාමාත්‍ය කාර්යාලය අසල දී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි. 18 November 2022
සූදු පොළක් මෙහෙය වූ ප්‍රා මන්ත්‍රි මාට්ටු මැදගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රිවරයකු මෙහෙයවූ බව කියන මහා පරිමාණ සුදු පොළක් වටලා මන්ත්‍රිවරයා සමග සැකකරුවන් අට දෙනකු මුදල් නෝට්ටු සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 18 November 2022
පාඩු ලබන ආයතන රජයෙන් ඉවත් කල යුතුයි කවුරු විරුද්ධ වුණත් පාඩු ලබන ආයතන රජයේ පීඩනයෙන් ඉවත් කරගත යුතු බව තමාගේ අදහස යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය. 18 November 2022
අධිකරණ පනත් අටක් බලාත්මක වේ අධිකරණය හා සම්බන්ධ පනත් කෙටුම්පත් අටකට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නේය. 18 November 2022
අන්තරේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල විරෝධතාවක අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධය්ය හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සංවිධානය කළ උද්ඝෝෂණයක් මේ වන විට කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අසල පැවැත්වේ. 18 November 2022
ලංකාවේ සෑම ඉඩම් අංශයක්ම දුෂිතයි ලංකාවේ සෑම රජයේ කාර්යාලයකම ඉඩම් අංශය දූෂිත බවත් කවුරුන් හෝ එම කාරණය ප්‍රතික්ෂේප කරන්නේ නම් තමා එය ඔප්පු කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය. 18 November 2022
විගණන නිලධාරියාට මරණ තර්ජනය කළ කාන්තාවක් ඇතුළු 2ක් අල්ලයි රජයේ විගණන උප කාර්යාලයට අනුයුක්තව වයඹ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු උප කාර්යාලයේ රාජකාරි කරන විගණන නිලධාරියකුගේ පෞද්ගලික නිවසට පැමිණ මරණ තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 18 November 2022
බස්නාහිර වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවෙලා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන පාසල් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර නිකුත් වී ඇතැයි කියන තත්වයක් හේතුවෙන් පාසල් රැසක් විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බව කොළඹ ප්‍රධානතම පාසලක විදුහල්පතිවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 18 November 2022
මොණරාගල බඩඉරිඟු වවන්න තියෙන ඉඩම්වලට හරක් දාලා රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිතවතුන් මොනරාගල බඩ ඉරිගු වගා බිම් අක්කර දහස් ගණනක හරක් ගෙන ගොස් දැමීම නිසා ගොවීන්ට බඩඉරිඟු වගා කරගන්නට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2022
එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50යි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙහෙරහැර පිහිටි රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවය යටතේ දිනකට රියදුරු බලපත්‍ර 50 ක් පමණක් නිකුත් කරන බවත් එක්දින සේවය සීමාකර ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර මුද්‍රණයට මූලිකත්වය දුන් බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා අද (18) ‘ලංකාදීප’යට පැවසීය. 18 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026