(සනත් ගමගේ)
හම්බන්තොට මහ රෝහලේ දී අද සිදු කළ සැත්කමකින් කාන්තාවකගේ උදරයේ තිබූ කිලෝ දහයක පමණ ගෙඩියක් ඉවත් කළ බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර මහතා කීය.
හම්බන්තොට මහ රෝහලේ ප්‍රසව හා නාරිරෝග විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මගින් සිදු කළ සැත්කමකින් මෙම ගෙඩිය ගර් භාෂයෙන් එළියට ගෙන ඇත.
සැත්කම සිදුකල විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා අදහස් දක්වමින් කියා සිටියේ 49 හැවිරිදි මෙම කාන්තාව ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ තමා හමුවට පැමිණි බවත්. උදරයේ විශාලත්වය හා හුස්ම ගැනීමේ අපහසු තාවය ඇති බවද දන්වා සිටිය.
වහාම හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර අවශ්‍ය ස්කෑන් පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුව ගර්භාෂයේ ගෙඩියක් ඇති බව හෙලි විමෙන් පසුව මෙම සැත්කම (19) දිනයේ දි හම්බන්තොට මහ රෝහලේ දි සිදු කළ.
රෝගියා සුවයෙන් සිටින බවද විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හම්බන්තොට රෝහලේදී සාර්ථක සැත්කමක්
සල්ලි Tuesday, 20 June 2023 06:47 AM
මේ වගේ දක්ශයින්ගේ පොටෝ එකක් දාන්න අර කුම්මැහි දේශපාලකයින් ගේ පොටෝ දානවා වගේ.
මහසෙන් Tuesday, 20 June 2023 08:29 AM
මිහිපිට දෙවියන් වූ ඔබට ප්‍රනාමය !